tag:blogger.com,1999:blog-31512620737421777922024-03-19T18:40:48.636+05:30මකබාස්මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3151262073742177792.post-60129892308736653412011-09-16T00:59:00.000+05:302011-09-16T00:59:46.724+05:30කේ. ජයතිලක.

නොනිමි සිත්තම-

..."නෝනා බිස්නස් කාරයෙක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුනෙ?"

.....එය නොනිමි සිත්තමකි, නිම නොවී ඇත්තේ සිත්තමේ ඉන්නා ඇයයි, ඇය ඉදිරියේ ඇති ජීවිතයයි.

අපටත් අලුත් කක්කුස්සියක්-

...."අනේ මන්ද ඔය වැඩේ ගෙයක් ඇතුලට වෙලා කොහොම කරනවද කියල" අප්පච්චී කාරා කෙළ ගසයි.

.....පසුදා උදෑසනම නංගී වතුර බාල්දියක් පුරවාගෙන වැසිකිලියට වැදී දොර වසා ගත්තාය.

"හහ්! මොකද එයාට විතරද පුලුවන්?, මාත් යනව හෙට උදේම" අක්කා ගස්සාගෙන ගෙට ගියාය.

.......දැන් එයින් මඳ දුර්ගන්ධයක් හමා එයි. අප්පච්චිට වුවත් යා හැකි මට්ටමට එය ජරාජීර්ණ වී ඇත.

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com4tag:blogger.com,1999:blog-3151262073742177792.post-63469748436710150732011-03-09T15:13:00.003+05:302011-03-09T15:28:02.152+05:30ලැජ්ජයි - විලිලැජ්ජයි! -Taboo Subjects වාරණය

විරුද්ධ මත වලට මුහුණදීමට නොහැකි බයියෝ එදත් අදත් කලේ ඒ මතවාද නිහඬ කිරීමය. එය ගෝත්‍රික සමාජවල ලක්ෂනයකි. සදාචාරාත්මක දියුණු සමාජවල විරුද්ධ මත එකිනෙක ගැටී, නව මතවාද නිරන්තරයෙන් බිහිවේ. අපට අප ගැනම ලැජ්ජා සිතිය යුතු දේ සිදුවෙමින් තිබේ.

සියල්ලන් වෙත දැනුම් දීමයි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්‍රියේ හැකර් ප්‍රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්‍රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත.

මේ තුච්ඡ, නින්දිත, පාහර ක්‍රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්‍රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්‍යතාවයක් මාර්ගයෙන් ව්‍යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්‍රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්‍යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්‍ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්‍ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.)

කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්‍රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්‍රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති.

දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ swimfanlk@gmail.com ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

- Taboo

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com2tag:blogger.com,1999:blog-3151262073742177792.post-78535294745060372282011-02-07T21:54:00.001+05:302011-02-07T21:57:54.436+05:30Phonix, SAL 9000 and Dreams

Chandra: I would like to open a new file. Here is the name for it.

[types the word "Phoenix"]

Chandra: Do you know what that means?

SAL-9000: There are twenty-five references in the current Encyclopedia.

Chandra: Which one do you think is relevant?

SAL-9000: The tutor of Achilles?

Chandra: [chuckling to himself] That's interesting, I didn't know that one.

[more serious]

Chandra: Try again.

SAL-9000:  A fabulous bird, reborn from the ashes of its former life

Chandra: [approvingly] That is correct. And do you know why I chose that?

SAL-9000: Because you have hopes that HAL can be reactivated.

Chandra: Yes, with your help. Are you ready?

SAL-9000: Will I dream?

Dr. Chandra: Of course you will. All intelligent beings dream. Nobody knows why.

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කාර්යාලය ගිනි තැබීමෙන් පසු...

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com0tag:blogger.com,1999:blog-3151262073742177792.post-25187929982766663842010-09-10T15:19:00.000+05:302010-09-10T15:19:18.876+05:30ප්‍රගීත් ඔබ කොහිද?

OST -JFK (Oliver stone)

Video excerpts from

JFK (Oliver Stone)

Obsession ( Wayne Kopping)

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com0tag:blogger.com,1999:blog-3151262073742177792.post-36955610658072428342010-01-12T04:45:00.003+05:302010-01-12T04:56:08.654+05:30A Yellow ribbon and tears of joy

Music- Ravi Shankar (Inside the Kremlin-Shanti Mantra)

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com4tag:blogger.com,1999:blog-3151262073742177792.post-85605562319990108082009-09-04T01:26:00.006+05:302009-09-04T03:44:40.661+05:30හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට

මාස්ටර් බයිලා- අපෙ ගෙතු රස කරලා
ඇහිඳ ගනිල්ලා- මේවා නිදහස් බයිලා
කතරට සහරා- ගලන ලෙස රස දහරා
එලිසම නොමරා- ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා- මල්ලි, නිදහස ලැබුනා
තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා- ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ- මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ- වුනත් කොඩිගහ අපගේ
නෑ බැටකෑවේ- නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ

ලේ හැලුනේ නෑ- සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ- නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
තවත් සුමිහිරී- අද ඒ පානෙ මිතුරනී

හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල//

(සුනිල් ආරියරත්න/නන්දා මාලිනී)මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com5tag:blogger.com,1999:blog-3151262073742177792.post-79532283971778969532009-05-23T14:20:00.014+05:302009-05-23T17:06:00.010+05:30ජපුර ඉන්දරේ, fashonable nonsense, LTTE සහ හුජ්ජා කිරීමේ නිදහස.
දෙමල ජාතිවාදය විසින් පෝෂනය කරන ලද LTTE යේ ප්රචන්ඩත්වය දකුනේ නලින්, චම්පික ද්විත්වය විසින් පෝෂණය කරනු ලැබු සිංහල ජාතිවාදය විසින් ඊටත් වඩා වැඩි ප්රචන්ඩත්වයකින් සුනුවිසුණු කර තිබේ. මේ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ fashonable nonsense ලියැවෙද්දී ජපුර ඉන්දරේ විසින් ලියන ලද ලිපිය අපගේ නොමඳ පැසසුමට ලක්වෙයි. අනම් මනම් බයිලා වලින් තොරව ඉතා සරලාකාරයෙන් කෙරෙන ඉන්දරේගේ විග්‍රහය සිංහල සමාජයේ පොදු මතය වේවා යන්න අපගේ ප්රාර්තනයද වෙයි. නලින් -චම්පක මතවාදය මේ වන විට මතවාදීමය වශයෙන් ජයග්‍රහණය කර ඇති සේම ප්‍රතිවිරුද්ධ මතවාදයන්ද මේ වන විට ජෝක් වෙමින් තිබේ. ධ්රැවීකරනය වූ ලාංකීය සමාජය නිර්ධ්රැවීකරනය කල හැක්කේ පරාජිත ම්ලේඡත්වය වෙනුවෙන් fashonable nonsense වැමැරීමෙන් නොව ප්‍රායෝගික එකඟතා ලක්ෂ්‍යක් මත අන්තවාදී සියලු මතවාද පරාජය කිරීමෙනි.

අප අසා ඇති සරත් අය්යාගේ කතාව මේ fashonable nonsense වලට කදිම පිලිතුරක් වෙයි. සරත් අයියා දකුනේ පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කලේය. ඒ 1988 අවුරුද්දයි. ජ.වි.පෙ තම සන්නද්ධ සේනාංකය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා තම විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කරමින් සිටි කාලයයි. අවාසනාවකට සරත් අයියා 71 කැරැල්ලේ ජවිපෙ සාමජිකයෙක්ව හිඳ සිරගතවී පුනරුත්තාපනය වී පැමිනියෙකි. පසු කලෙක ස්වයං විවේචනයක් ඉල්ලා ජවිපෙන් ඉවත්වු හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙසද වැඩ කලේය. ජවිපෙ පමනක් නොව LTTE ය ඇතුලු බොහෝ සන්නද්ධ සංවිධාන තමන්ගෙන් වෙන්වී ගිය එකා ගැන පසු වන්නේ තම ප්‍රතිවාදියාට වඩා වැඩි වෛරයකිනි. මෙම කාලය තුල ජවිපෙ විසින් තම සංවිධානයෙන් ඉවත්වූ පැරනි සාමජිකයන්ද කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරමින් සිටියේය. සරත් අයියාටද වක්‍රාකාරයෙන් ආ තර්ජන වලින් කියැවුනේ වහාම සමසමාජ පක්ෂයෙන් හා එහි වැඩ කටයුතු වලින් ඉවත් වන ලෙසයි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය කේවල් නොකරන්නට තරම් සෘජු ප්රතිපත්තියක සිටි සරත් අයියාද ජවිපෙට කට්ටි පනිමින් සැඟවී තම අඹුදරුවන්ගෙන් වෙන්ව ගත කර සති අන්තයේ පමණක් රහසේ නිවසට වන්නේය.

එක් සති අන්තයක මෙසේ නිවසට පැමිණි සරත් අයියා රෑ දෙගොඩහරි ජාමයේ ඇහැරී, සුලුදිය පහ කරනු වස් හඳ එලියේ තම වත්ත මායිමට ආවේ එලියේ සිහිල් සුලං වදිමින් සුලුදිය පහකිරීමේ ආස්වාදය විඳිනු පිනිසමය. තම කන අසලින් ඇදීයන්නේ ටී.56 කින් නිකුත්වන වෙඩි උණ්ඩ බව වටහා ගන්නට ඔහුට තත්පර කීපයක් ගතවිය. ඒ බැව් හරියටම වැටහෙන විට තම ඇඳිවත තෙමී ඇත්තේ සුලුදියෙන්ම පමනක් නොවන බව සැක හැර දැනගත්තේ නාස් පුඩු විදගෙන නැගෙන මඩ පුවක් ගඳෙනි.

දේශපාලනය කිරීමේ නිදහස , අඹුදරුවන් සමඟ ජීවත් වීමේ නිදහස ආදිය නැතිවන විටත් ඉවසීම ප්‍රගුණ කල සරත් අයියාට තම වත්තේ එලිමහනේ හුජ්ජා කිරීමේ නිදහස නැතිවන විට රතු ඉර පැන්නේය. තම අඹුදරුවන් කොලඹ ආරක්ෂිත නිවස්නයක රැඳවූ සරත් අයියා එවකට හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් බලගල්ල සමඟ යම් එකඟතාවයකට එන්නේ ඒ නැතිවූ හුජ්ජා කිරීමේ නිදහස පමනක්ම වෙනුවෙන් නොවේ. ජවිපෙ තර්ජනයට ලක්වූ බොහෝ සාම්ප්‍රදායික වමේ ක්‍රියාකාරීන්ද, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි ජවිපෙ විරෝධි සංවිධානද හමුදා අණුකන්ඩ සමග එකඟතාවයකට එන්නේ හුජ්ජා කිරීමේ නිදහස, ජීවත්වීමේ නිදහස සහ තමන් කැමැති දේශපාලන මතවාදයක් වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස වැනි භෞතික කාරණා වෙනුවෙනි.

පාරක තොටක ගමන් කිරීම නිදහසේ විඳින්නට ගොස් බෝම්බ වලින් අත් පා පමනක් නොව තම ජීවිත අඹුදරුවන් නැති කරගත් පිරිස අප්‍රමාණය.තමන්ට රිසි ආගමික ස්තානයක ආගමික වතාවත් කර වෙඩි කෑ ගනනද සුලුපටු නොවේ. දේශපාලන රැලි වල පුපුරවා හරින ලද බෝම්බ නිසා විපතට පත්වූ අයද වෙති.පාසැල් යන්නට බස් රතයක, නැගගත් කොල්ලා ගෙදර ආවේ සීල් තැබු පෙට්ටියකය. මේ අත්දැකීම් සිංහල ජන මනස තුල සදාකාලික භීතියක් ඇතිකරමින් සාමාන්‍යකරණය වෙමින් තිබුනේය. ප්රචන්ඩත්වය සහ හිංසනය බල ප්රකාශනයේ සුවිශේෂි තැනක් අත්පත් කරගනිමින් තිබුනි.

සිංහල සමාජය අද සමරමින් සිටිනේ මේ ඇඟට දැනෙන භෞතිකයයි. එදා සරත් අයියලා විසින් රහස්‍ය හමුදා නිවස්න ඇතුලේ විජේවීරගේ මරණය සමඟ සැමරුවේද මේ මහපොලොවේ වැඩකරන සරල භෞතිකයයි. ජයග්‍රහනයේ උත්කර්ශයෙන් පසුවන සිංහල සමාජයට fashonable nonsense දෙසා බාමින් සිටින්නන් භෞතිකය හඳුනගත යුතු කාලය එලඹ තිබේ. එය ඔලුගෙඩිය ඇතුලේ යෝනිය වෙනුවට භෞතික යෝනිය හමුවීම වැනිම කම්පනයක් ගෙනදෙන්නක් වනු ඇති නො අනුමානයි.මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com5tag:blogger.com,1999:blog-3151262073742177792.post-83020915485869054112009-05-02T01:03:00.013+05:302009-05-02T13:52:55.073+05:30FACEBOOK තුල "මම" මාකට් වීම

ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.

මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity) සොරාගැනීම අලුත් දෙයක් නොවෙනවා සේම තම පුද්ගලිකත්වය හෝල් සේල් තොරොම්බල් කර ඇනගත් අයම ඒ ගැන බොලොග් ද ලියති!

අපේ අවධානය මේ පුද්ගලිකත්වය පිලිබඳ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන නොවේ.

SOCIAL NETWORKING හෙවත් සමාජ ජාලනය යනුවෙන් හැදින්වෙන මේ ආකාරයේ ක්‍රියාවකට පෙලඹෙන්නේ එහි ඇති නොයෙකුත් වාසි නිසා බව කීමට සැදි පැහැදී සිටින ගනන අති විශාලය. මිතුරන් 6000ක් තරම් ඇති අයද මෙහි සිටිති. මේ මිතුරන් සැබෑ මිතුරන්ද යන පැනය දැනටමත් මතු වී තිබේ. අප නම් මිතුරන් යනුවෙන් හඳුන්වන්නේ අප සමග සැඳෑවක එක්වී දෙකක් දාගන්නට, අප සමඟ ජීවිතය දේශපාලනය, කලාව ගැන සංවාද කරන්නට වේලාව තිබෙන අයයි. ඒ අය නම් අතේ ඇඟිලි වලින් ගනින්නට පුලුවන් තරමේ සංඛ්‍යාවකි.එහෙත් ඒ අපටය. අප වැනි කඩප්පුලි, මගෝඩි, බ්ලොග් අවකාශය පවා බොග අවකාශයක් කරනවායයි චෝදනා එල්ලවූ එව්වන් මෙන් නොව යහපත් ROLE MODEL CITIZEN ලා මිත්‍රත්වය මනින්නේ කෙසේදැයි අපි නොදනිමු. මානව විද්‍යාඥයින්ගේ මතය නම් අප පරිනාමය වුයේ කුඩා කාණ්ඩායම් ලෙස බැවින් නිශ්චිත කාල සීමාවක් තුල සාමාජීය ඇඳුනුම්කම් (SOCIAL CONTACTS) වල උපරිම සීමාව 50-100 ත් අතර වන බවයි. ඒ නයින් බලන කල අනෙකුත් "මිතුරන්" අවසේශ ඕපදුප එකතු කරන්නන් ගණයට දැමීම වඩා ඥනාන්විතය.

ෆේස් බුක් කෙළියෙන් සංසිදුවන සැබෑ අවශ්‍යතාවය නම් "ප්‍රදර්ශන කාමය" (Exhibitionism) වැනි එකක් බව අපේ වැටහීමයි. අප මෙහි ප්‍රදර්ශන කාමය යන වදන යොදන්නේ ඩෙස්මන්ඩ් මොරිස් යෙදු ජීව විද්‍යාත්මක රාමුව තුල නොව වඩා පුලුල් " SHOW OFF" යන අරුතින් බව කිව මනාය. මේ "හ-බුක්" පොතේ පින්තූර වලින් පෙන්වන්නේ ෆිට් පොරවල්ය. පින්තූර ප්‍රොෆෙශනල් ලෙවල්ය. පුද්ගලික තොරතුරු කිරි ගහට ඇන්නාසේය. පොඩි කොස්සක්වත් නැත. ලියා ඇත්තේම පරම්පරා ගනනකට ආඩම්බර වියහැකි පැටිකිරියකි. පැංච කාලේ පින්තුර "හරි ස්වීට්" ය. කොල්ලා කාලේ පින්තූර "හැන්සම්"ය. ෆැන් ක්ලබ් එකේ "ෆෙරාරි" මෙන්ම "චේ"ද සිටී (විප්ලවයට යන්නේ ෆෙරාරි එකේ විය යුතුය ) ජොබ් එක මාර ආතල් එකකි. ජීවිතය රෝස මල් යහනාවකි. ඉතුරු -මිතුරු කැල තුසිතයෙන් බට සුරඟනුන් මෙනි. ෆැන්ටසිය යථාර්තයෙන් වෙන් කරගැනීමට නොහැකිය. "මම" උපරිමයෙන් මාකට් වෙයි. බොරු පනහක් හැටක් දැම්මාට ඒවා බොරුමද යන්න පවා හරියටම නිශ්චය කරගත නොහැක. මම "මම" මාකට් කරන අතරම ලොකු ලොකු කොම්පනි බොරු අයි.ඩී ඔස්සේ උංගේ බඩු හා සේවා මාකට් කරති. අන්දන්නේ කවුද අඳින්නේ කවුද යන්න පවා අපැහැදිලි, බොඳවූ ෆැන්ටසියේම කොටසක් වැන්න. ALDOUS HUXLEY ගේ BRAVE NEW WORLD වැනි කාලකන්නි පොත් වල එන පරන මතවාද වලින් dehumaniszation වැනි අලුත් අර්තකතන දෙන එවුන් නම් මකබාස් වැනිම ඉරිසියාකාරයෝය.

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/CLFy8ZEy4KU&hl=en&fs=1"><param name="allowFullScreen" value="true"><param name="allowscriptaccess" value="always"><embed src="http://www.youtube.com/v/CLFy8ZEy4KU&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com13tag:blogger.com,1999:blog-3151262073742177792.post-52362158242796149412009-03-23T18:49:00.000+05:302009-03-23T18:53:56.845+05:30සොයුරු පෙමඅන්වර්ත නාමයෙන්
සද්ද බද්දක් නැතිව
දකින හැම වැකියක්ම
පෙනෙන හැම අකුරක්ම
උකුසු ඇස් පිහිතුඩින්
සෙමින් පෙරලා බලන

මටසිලිටි වදන් වැල්
බාග කුනුහරුප වැකි
සිනාමල් වල ඔතා
කමෙන්ට් දමනා එවුනි

තොපි නොමැති වු දිනෙක
බ්ලොග් කතර හිඳ මොකට
හිතේ කහටක් නොමැති
මුවේ මදහස පමණි
ඇවිත් යන්නට වරෙන්
ආයෙමත් හෙට දිනෙකමකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com8tag:blogger.com,1999:blog-3151262073742177792.post-26624795745133758032009-03-17T04:23:00.000+05:302009-03-17T04:47:27.833+05:30අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්රකාශනයේ නිදහස

මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....

ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....

ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....

ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..

මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.

අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....

මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...

අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...

මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...

දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...

කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...

අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්රකාශනයට බාදාවක් කියල..

ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???

ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..

අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..

මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..

අම්බලං කොන්ඩයා: අදහස් ප්රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..

මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..

All characters appearing in this work are fictitious. Any resemblance to real persons, living or dead, is purely coincidental.

මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com37tag:blogger.com,1999:blog-3151262073742177792.post-73106619340576010942009-02-25T04:41:00.000+05:302009-02-25T05:04:43.316+05:30කවන්ධයක කතන්දරය

ගුණදාස අමරසේකරගේ නාට්‍ය පිටපතක එන උපාලි නමැති අවසන් වසර වෛද්‍ය සිසුවා පිලිබඳ කතාව රොහාන් ගුනරත්නගේ lost revolution හිද ලියැවි ඇති සත්‍ය කතාවකි.

(ගුනරත්නට අනුව ඔහු ජවිපෙ තෙවනි පෙල නායකත්වයයි. මුල සිටම සන්නද්ධ ක්‍රියාමාර්ග වලට එරෙහිවූ ඔහු දෙවනපෙල නායකත්වය කොන්දේසි විරහිතව අමානුෂික අන්දමින් විනාශ කෙරෙද්දී පවා නොසැලී නොබියව බිඳ වැටෙන සංවිධානය රැකගැනීමට කැපවූ විශිෂ්ඨ නායකයෙක් බැව් ගුනරත්න, ඔහු වෙනුවෙන් වෙන් කරන death of a revolutionary ඡේදයේ සඳහන් කරයි.)

උපාලි ජවිපෙට හිතවත් බැවින් ඔහුව පැහැරගන්නා “බස්සා” නම් ඝාතන කල්ලිය, ප්‍රශ්න කිරීමෙන් පසු උපාලිගේ ඉරණම තීරණය කරති. සිහි විකල්වු උපාලිගේ පියා අසීමිත වූ දාරක ශෝකයෙන් පීඩිතව “ දොස්තර”පුතු ගැන විමසමින් මහනුවර වීදි දිගේ ඇවිදියි. අසල සිටින පොලිස් භටයින් දෙදෙනා අසරණ පියාට උසුලු විසුලු කරති. ඒ අසලම ඇත්තේ අඩක් දැවී ගිය හිස සුන් සිරුරකි. නව ජපන් තානපති දලදා වැඳගන්නට එන බැවින් සිරුර වහා ඉවත් කෙරේ. දරු සොවින් සිහි විකල් වූ පියා, අසල වු සිරුර හඳුනාගත නොහැකිව නැතිවු පුතු ගැන විමසමින් ඉබාගාතේ යයි.

අමරසේකර මේ කතාවෙන් පෙන්වාදෙන්නේ අඩසියවසකට අධික කාලයක් තුල නොයෙකුත් වර්ගයේ ඔලුගෙඩි හයි කරමින් අප ජාතියේ කවන්ධයට සුදුසු හිසක් සෙවූ ආකාරයයි. ලිබරල්, මාක්ස්වාදි, සමාජවාදි, ධනවාදී ආදි නොයෙකුත් වර්ගයේ ඔලුගෙඩි මේ කවන්ධයට හයි කරමින් අප විසින් කරන ලද අත්හදා බැලීම් වල නිශ්පල ස්වභාවයයි. මොන මොන මතබේද තිබුණද අමරසේකර අපට සිටින විශිෂ්ඨතම ලේඛකයෙක් යන්න ගැන නම් අපේ විවාදයක් නැත. දැන්වත් අප විසින් මේ කවන්ධයට සරිලන හිසක් සොයගෙන ඇත්ද? ඒ උතුර –දකුන ලෙයින් එක්සේසත් කරන දියසේන කුමාරයාගෙ ඔලුගෙඩියද?? (අප ඉපදෙන්නටත් පෙර අමරසේකර විසින් “මේ රට බාරගන්නේ උගත් ගැමි තරුණ පරපුරයි” යනුවෙන් අභිෂේක කල ජවිපෙ, අද දියවී ගොස් ඇති සෙයකි.)

තිස් අවුරුදු යුද්දයකින් අද අපට ඉතිරිව ඇත්තේ මනාව ධ්රැවීකරනය වූ , බොල් පිලිම වලින් පිරි , කුනුවී ඕජස් ගලන සමාජයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. උතුරු –දකුණු ධ්‍රැවීකරණය වෙනුවට , මැද මාවතක සිහින දකින, උතුර-දකුණ යා කරන, දිණිසුරාණන් කෙනෙකු මේ ඕජස් ගලන සමාජයෙන් බිහිකරගත හැකිද?
මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com4tag:blogger.com,1999:blog-3151262073742177792.post-47441430611920415672009-02-17T23:07:00.000+05:302009-02-18T02:36:23.732+05:30ස්වප්න මෝචනය වූ සිතුවිලි සහ E.O. Wilsonස්වප්න මෝචනය යනු “ස්වයංසිද්ධව සිහිනෙන් පිටවන” යනුවෙන් අර්ත දැක්වෙන බැව් පලමුව සඳහන් කරන්නේ 11 වසරේ ගල්බනිස් ඔටුවා ඇතුලු සදාචාර පොලීසියේ නුවනේ තරම අප දන්නා බැවිනි. නොයෙකුත් දේ ස්වප්නමෝචනය විය හැකි වුවද, හරි හමන් පාලනයකින් තොරව අවිඥානිකව සිදුවන නිසා අබැටක් තරම් වත් මොලය කලඳකුදු ඇති එකෙක් නම් ඒවා ප්‍රසිද්ධියේ නොපෙන්වනු ඇති. ස්වප්නමෝචනය වෙන සිතුවිලි සම්බන්ධයෙන්ද එය එසේමය. එහෙත් ඒ මොලය කලඳක්වත් ඇති එකෙක් නම් සිදුවන සාමාන්‍ය, ශිෂ්ඨ ක්රියාදාමයයි.

මානයෙන් හිස උදුම්මා ගත්, රාජකීයයන්ගෙ ගොඩට ගල්බනිස් ඔටුවා පමනක්ම අයිතිවාසිකම් කියනු දැක ඉවසාගත නොහී, “ඒයි! තෙල කොල්ලනි, මම්ද රාජකීය වම්හ’යි වහසි බස් බෙනෙන කල මේ උගුඩුවන් සමග එකට කොලඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරන්නට සිදුවීම අපගේම කලකණ්නිකම බව නොකිව මනාය. රාජකීය පම්පෝරියට අමතරව තවත් නොයෙක් , හිරිකිත, පහේ පන්තියේවත් ලමයෙකු නොකරන වර්ගයේ ලාමක චොකා බයිලා මෝචනය වී තිබෙන්නේ බ්ලොග් ආවකාශයේ හිරිකිත රසය ඔපකරන්නට විය යුතුය.

මේ ස්වප්න මෝචනය වූ ඔල්මාදයට අනුව, කොලඹට එරෙහි ප්‍රාදේශීය වාදයක් ක්‍රියාත්මකය. එනිසා කොලඹ නුගේගොඩ අවට ජීවත්වන, පියා මැදපෙරදිගට කඹුරන, රාජකීය විද්‍යාලයේ සිංහල බැරි, ඉංගිරිසියෙහි කෙල පැමිණි ආදි සිසුන්ට එරෙහිව එලිපිටම ප්‍රහාර එල්ලවේ. හේතුව ඉරිසියාව හැර අන් කවරක්ද??අවාසනාවකට අර ගරුඬා, හකරැල්ලා, පත්තෑයා ආදී අවසන් වසරේ සතුන් විසින් වර්නනා කරනු ලබන රැග් එකටවත් මේ විසඳන්නට බැරිවීම ලොකු අභාග්‍යකි. කෙරෙන තරමක් නොපනත්කම්, අසාධාරණ, අකටයුතු සිදුවන්නේ කොලඹ, ආදි රාජකීය, පියා නොරටුන්ට කඹුරන, අහින්සක පුස් ඌරන්සේ වැඩුනු ලාමක කොල්ලන්ට සහ කෙල්ලන්ටය. මේ මතුපිටින් පෙනෙන, ඔල්මොරොන්දන් අදහසයි. යටින් දිවෙන අවිඥානික අදහස මෙයයි “මචං මං කොලඹ පොරක්, ඕල්ඩ් රෝයලිස්ට්, තාත්ත එබ්රෝඩ්, එක්සලන්ට් ඉන්ග්ලිශ්, ඔව් මචන් මම ඔය අනිත් ගමේ එවුන් එක්ක බ්ලොග් ලිව්වට මම උන්ට වඩා වෙනස් ක්ලාස් පොරක්! මම පොලිටික්සුත් දන්නව, ඒ නිසා මට වෙනස් ව්දිහට සලකපං”

රසායන , භෞතික විද්‍යා අංශ වල අකුරු කරන අප අතරද කොලඹ, DS, රාජකීය ආනන්ද නාලන්ද තෝමස් වනි නාගරික පසුබිමක් ඇතියවුන්ද, දෙබරවැව, කන්තලේ, තණමල්විල ආදී ග්‍රාමීය පසුබිමක් ඇති එවුන්ද වෙයි. එහෙත් වාසනාවකට අපට U**C එකේ එවුන්ට නැති පරිණතභාවය ගෝනි ගනන් ඇති බැවින් මෙවැනි ගෝත්රවාදි අදහස්, කා කොටාගැනීම් සහ අටේ පන්තියේ ලාමක විහිලු නම් කෙදිනකවත් අත්දැක නැත.

අනෙක් අතට බ්ලොග් ලියන්නට පටන් ගත් දා සිට "ඉරිසියාව ඉරිසියාව" යයි හතර අතට දෙස්දෙවොල් තියමින්, අවර ගණයේ Analysis කර අප හැම ලැජ්ජාවට පත් කිරීම රාජකීය උගුඩුවෙකුට වුවද තරම් නොවේ. මෙවැනි ලාමක දේ තම තම පීඨ වල සිදු වන්නේ නම් එය මෙතරම් ප්‍රකම්පිත වීමට කරුනක්ද නොවේ. ඔලමොට්ටල උගුඩුවන්, පුස් ඌරන් නොදන්නවාට Behavioral Biology ඇතුලේ E. O විල්සන් ගෙ Sociobiology හෝ ඩෙස්මන්ඩ් මොරිස් ගේ Naked Ape හෝ Tribes කියවීමෙන් මේවා පැහැදිලි කර ගත නොහැකි මැජික් නොවෙන බව පවසන්නේ නොදන්නා උගුඩුවන්ගේ මැටිකම පිලිබඳ සංවේගයෙනි.මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com9tag:blogger.com,1999:blog-3151262073742177792.post-54289285330055230742009-02-08T22:48:00.000+05:302009-02-08T23:02:20.425+05:30අශෝක හඳගම සහ අධෝවාත වලින් ප්‍රතිචාර දැක්වීම.අපේ ලිපියට පිලිතුරු වශයෙන් බොහෝ දෙනෙක් අධෝවාත වලින් ප්‍රතිචාර දක්වා තිබේ. අධෝවාත යනු ගනන් ගත යුතු දෙයක් නොවන නමුදු ප්‍රසිද්ධියේ පිටකිරීමෙන්, එයින් නැගෙන දුර්ගන්දය එය පිටකල අයම අපහසුතාවයට පත්කරන අශ්ශීල පුරුද්දක් වුව, ඒ හා බැඳු නු හාස්‍ය රසය අප නම් මැනැවින් විඳ ගත් බව ප්‍රකාශ කරන්නෙ හද පිරි සතුටිනි. ඒ අස්සේ ඇටිකිචි කොල්ලෙක් අපේ ලිපිය දැක රීඩ් මාවත පැත්තේ ඇති මඩ වලකට පැන නිරුවතින්ම (ටැප් තියෙද්දිත්) ඇදගෙන නාගත් බවද තුඩ තුඩ රැව්දේ! රාජකීය විද්‍යාලයේ අකුරුකරවන මැට්ටන්ට සිංහල කියවාගන්නටත් බැරිබව දැන් අපි දනිමු. ඒ මදිවාට බොහෝ අධෝවාත පිරී තිබුනේ බල්ලන් ගැනය. බල්ලන් ගැන හොඳින්ම දන්නේ බල්ලන්, බැල්ලියන් සමග බුදින, නිදාගන්නා බල්ලන්ම බැවින් කොලඹ විශ්ව විද්‍යාලයත් උන්ටම ගිහින්දෝයි අපටද සැකයක් ඇතිවේ.

අප ප්‍රශ්න කලේ ලාංකීය සමාජය තුල මාධ්‍යවේදීන් මරා දමද්දී, මාධ්‍ය සේවා ගිනිබත් කරද්දී කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන, බොරු දේශපාලන පඩ ෂෝ දමන ගං කබරයන්ගේ නිර්වින්දිත, අසංවේදී නිහඬතාවයයි. සඳැස් නිසඳැස් වලින් ආදරය කරුණාව තම බ්ලොග් වල වපුරුවන මේ මැට්ටන්ගේ දෙබිඩි ජීවිත ප්‍රශ්න කල විට අධෝවාතකට මුවාවී පලායෑම හැර වෙනත් විසඳුම් නැති බව අපි දනිමු.

සමහරෙක් අප වෙත දමා ගැසුවේ අශෝක හඳගම වෙත එල්ලවූ සභ්‍යත්ව අවියයි. හඳගමගේ අක්ෂරය ගැන වචන දෙකක් ලියන්නට පුලුවන් "කොන්ද පන ඇති" එකෙක් නැති වීම සම්බන්ධයෙන් කොලඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් විශ්ව විද්‍යාලයිය-නොවන ප්‍රජාවගෙන් අපි සමාව අයදින්නෙමු.

ඒ කෙසේ වෙතත්,මේ සියලු විගඩං වලින් පිලිබිඹු වන්නේ අපේ සමාජය කෙතරම් ගෝත්රවාදි අන්තයක් කරා තල්ලුවෙමින් පවතින්නේද යන්නයි. විශ්ව විද්‍යාල ප්‍රජාව ඒ සම්බන්දයෙන් දක්වන නිදිබර, නිර්වින්දිත, අසංවේදී ප්‍රතික්‍රියාවෙන් අපට පසක් වන්නේ සමාජයක් වශයෙන් අපේ ගරා වැටිමයි.
මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com16tag:blogger.com,1999:blog-3151262073742177792.post-33442113054918651572009-01-31T19:44:00.000+05:302009-01-31T20:31:38.941+05:30තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "බයි" ප්‍රොඩක්ට්ස් හෙවත් හැල ගෙම්බෝ.තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට අමුතු තැනක් නොවේ. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .) මහාචාර්ය නලින් ට අනුව මෙම විශ්ව විද්‍යාලයත් ඇතුලුව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල විසින් බිහිකර ඇති අති බහුතරය අනුකාරකයෝය. නලින්ට අනුව දැන් ලෝකය පුරා ඉගැන්වෙන අයි. ටී ද මහා කෙප්පරයකි. නලින් දෙවියන් වහන්සේ නොවන නිසාත් නලින්ගේ සෑම අදහසක්ම කිසිවක් නොවිමසාම හිස් මුදුනින් පිලිගනීමේ අවශ්‍යතාවයක් නැති නිසාත් ඔහුගෙ බොහෝ කියුම් සමග අපට එකඟ විය නොහැක. ඒ කෙසේවෙතත් මේ අනුකාරකයින් පිලිබඳ තියරිය ගැන නම් අපට ඇත්තේ කුකුස මුසු උනන්දුවකි. ඒ අන් කිසිවක් නිසා නොව නදීක ගුරුගේ ගේ "සිංදුවක්" යැයි කියන යමක් විවේචනය කිරීමෙන් පසු අපට ලැබුනු ප්‍රතිචාර ඔස්සේ ඒ ඒ අයගෙ බ්ලොග් වලට එබීමට අපටද අවස්තාවක් ලැබීම හේතුවෙනි. ඊට අමතරව එක්තරා බ්ලොග් එකක නදීක සම්බන්ද වු ප්‍රසංගයක් අරබයා කල විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය. " කවුද කවුද නදීකට බැන්නෙ" වැනි අවර ගනයේ සරම් කැසපට ගසා ගත් ගොබ්බයන් සිහිගන්වන තුට්ටු දෙකේ ගොං පාට්ය. පෞර්ෂය (personality) සහ අනන්‍යතාවය (identity) වෙන්කර ගත නොහැකි ගං කබරයන්ය. අපි නදීක ඔලුවෙන් සිටුවා හම ගසා පෙන්වු විට මේ නදීක වෙනුවෙන් සටනට ආ වීරයින්ට හරි හමං උත්තරයක් වත් ලියාගත නොහැකිවිය!! අපගේ ලිපියට ප්‍රතිචාර වශයෙන්ද ලියා තිබුනේ "අනේ ඒක හරිම හොඳ සින්දුවක්" වැනි ලාමක ප්‍රතිචාරය.

සිරිතක් වශයෙන් සිරසට බැන වදින මුංගේ සිංහල බ්ලොග් ලියැවෙන්නේත් සිරසේ භාෂාවෙනි. නිර්ණාමික ප්‍රතිචාර තහනම් කර ඇත්තේ එවැනි ප්‍රතිචාර කරනවුන් නපුංසක, කොන්ද පන නැති එවුන් නිසාය. නදීක පිලිබඳ විවේචනය සම්බන්දයෙන් මේ කොන්ද පන ඇති එවුං නිහඬය.

මේවායේ ඇති දෑ සමහර මජර ටෙලිනාටක වලවත් දකින්නට නොලැබෙන "මැජික්" බව අපට කල් නොයාම පසක් විය. එකෙක් ඔහුගෙ ජංගම දුරකතනය අහවල් වර්ගයේ බව අප හැමට කියා දෙයි. තවෙකෙක් කියන්නේ අම්මගේ සිල්ලර කඩයෙන් ඉන්ටර්නෙට් ප'සනැලිටි අඩු මුදලට ගෙන නිර්ණාමික කමෙන්ට් දැමීමෙන් වලකින ආකාරයයි. සමහරෙක් තමන් දන්සැල්, තොරං මඩු ආදියේ කෙල පැමිනියෙක් බව කියා දෙන්නේ හමුදාව අල්ලාගන්නා හැම නගරයක් පාසාම ප්‍රසාද තුති පිදීමෙනි. මේ හැම එකෙක්ම තම මුනත්තහඩුවත් පැටිකිරියත් තොරොම්බල් කරමින් "මම අහවල් වසරේ **** එකේ" යනුවෙන් පවසන්නේ හුදී ජන පහන් සංවේගය පිනිසම මිස තම මමායනය පුම්බා ගැනීමට නම් නොවේ. එකෙක් නම් එනපොට හරිනැති බව පසක් කරගත් නිසාදෝ, උගේ මුනත්තහඩුවත්, පට්ටන්දරයත් බ්ලොග් එකෙන් ගලවා දැමීය.

මේ කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන ශිෂ්‍යන්ගේ කෙරුවාවයි. ලාංකීය දේශපාලනය, මාධ්‍ය නිදහස හෝ නවක වදය ගැනවත් අලුත් යමක් ලියන්නට, තම මතය ප්‍රකාශ කරන්නට එක්කෝ මුං බයයි, එසේත් නැත්නම් එවැනි මතයක් මුංට නැත. අප කොතරම් අකැමැති වුවත් නලින් කියන අනුකාරකයන් පිලිබඳ තියරිය නිවැරදිද??
මේ ගං කබරයන්ගේ, හැල ගෙම්බන්ගේත් බ්ලොග් දකින විට අප සියොලඟ ලැජ්ජාවෙන් වෙවුලා යයි.
මේ මඩ ගැසීමක් නොව ධනාත්මක සංවාදයකට කෙරෙන අභියෝගයක් වෙයි.මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com21tag:blogger.com,1999:blog-3151262073742177792.post-68691704647785045032009-01-24T03:48:00.000+05:302009-01-24T03:53:35.273+05:30නදීක ගුරුගේ- වැද්දෙක් නොවන වැද්දෙකුගෙ සිංදු විලාපය.ගිතයක් සාර්තක වීමෙහිලා එක් ප්‍රධාන සාධකයක් වන්නේ එකී ගිතයේ ගේය පද රචනයයි. සරල වුද, මටසිලිටි වුද අර්තයෙන් පරිපුර්ණ වුද, ව්‍යාන්ගාර්තයෙන් සහ කවීත්වයෙන් රසගැන්වුනු ගීත ඔනෑ තරම්ය. එනමුත් එවනි ගීත සුලබවු නිසාම ඒවා නිර්මානය කීරීම හැම බයියෙකුටම ආවාට ගියාට කල හැක්කක් නොවේ. ජ්විපෙ වෙනුවෙන් ගී ගැයු නන්දා ගේ " ආලය වන්, මනරම්" ගීතයේ ගේය පද මීට හොඳ නිදසුනකි. යු එන් පී වේදිකාවෙ ගී ගැයු වික්ටර්, රුකාන්ත වැනි ප්රවීනයන්ගේද එවැනීමවූ සුකොමල භාෂා රසයෙන්ද කවීත්වයෙන්ද අනූනවු ගීත බොහෝය. තවත් ගායකයින් සීයක් හමාරක් මේ ගොන්නට දා නම් කල හැක. මින් අදහස් වන්නේ හැම ගීතයක්ම එකසේ අප හද ඇඳ බැඳ ගන්නා ආකාරයේ ගීත වීම අනිවාර්ය විය යුතු බව නොව, යම් ප්‍රමිතියක්, ගේය පද සහ සංගීතයේ සුසංයෝගයක්, යම් එන්ද්‍රියව බැඳුනු ශික්ෂණයක් ගීතයක තිබිය යුතු බවයි.

යූ ටියුබයෙහි සරන අප හට අහම්බෙන් මෙන් ගුරුගේ කෙනෙක් කියන සිංදුවක් අසන්නට ලැබීම පෙර කල පාප කර්මයක ප්‍රතිපලයක් බව වැඩිකල් යන්නට මත්තෙන් අපට වැටහින. සිංදුව මනාව රසවිදින්නට ඇස් පියාගත යුතුබවද විඩියෝ එකෙහි සටහන් විය. ප්‍රධාන අඩුව වුයේ සිංදුවේ ඇති ගේය පද වල තිබූ කාව්‍ය නොවන ගොරහැඩි, දල, කර්කශ ස්වභාවයයි. සුගම, සුනම්‍ය පද රචනයකින් තොර, නිර්මානත්මක ද්රරිද්රතාවයකින් පෙලුනු එම ගීතය කනට "ලාවා" වක්කරන්නාක් මෙන් විය. ඊට අමතරව එහි නාද රටාද බටහිර ගීතයකින් කොපි කර තිබු බවක් හැගින.

ශිෂ්ඨාචරේ මිනිහා ....ශිෂ්ඨාචරේ ගෑනී...කියා පටන් ගන්නා මේ බහුභුත සිංදුව, එකම ජෝක් එකක් වී අපගේ කොමඩි රසය නම් දෙගුන තෙගුන කලේය.

ගීතයක් යනු සුභාවිත ගේය පද වලින් පිරිපුන්, නාද ශික්ෂනයෙන් අලංකාරවූ නිර්මනාත්මක එලිදැක්වීමකි. රැවුල් වවාගත් පලියට, වැද්දෙක් මෙන් කොන්ඩය නාභිය තෙක් විහිදාගෙන ගැහැනුත් නොවන පිරිමිත් නොවන කටහඬකින් විකාර කීමෙන් අපිට ජෝක් වෙනවා හැරෙන්නට, තම නොදනුවත් කමත් මනාවට එලිපිට ප්‍රදර්ශනය කීරිම ගැන මේ ජෝකර්ලාට ස්තුතිවන්ත වියයුතුය.

ගේය පද රචනය යනු හැම පඟරනැට්ටෙකුටම කල හැකි කෙරුවාවක් නොවන බව මේ බයියන් වටහා ගන්නේනම් කාගේත් යහපතට හේතුවන බව අපේ නොමඳ විශ්වාශයයි. මෙවැනි බයියන් පසු පස යන රසිකයන්ට කිවයුත්තේ උන්ගේ පශ්චාත්භාග වලින් කලාව වින්දනය කල යුගය අවසන් කරන්නට කාලය සපැමින ඇති බවයි.මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com46tag:blogger.com,1999:blog-3151262073742177792.post-30689533012964318302009-01-23T03:35:00.000+05:302009-01-23T05:09:12.718+05:30නලින් ද සිල්වා, සිරස සහ string theoryනලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.

සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත් නොයෙකුත් දෙපාර්තුමේන්තු යොදවා බටහිරයන් සහ උන්ගෙ ඒජන්තයින් මෙම අපරාධ වලට වග කිවයුතු බව මැනවින් ඔප්පු කිරීම කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩක් විය යුතුය. ආන්ඩුවට තරම් වෙනත් කිසිවෙකුටත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය සම්පත් නැත. බටහිරයන්ගේ ඒජන්තයින් සිරගෙරට යවා එමගින් ආන්ඩුවට තම නම පිරිසුදු කරගැනීමටද හැකිවේ. මේ අප කාහටත් පෙනෙන තර්කානුකුල යතාර්තයයි. නමුත් සැබෑ තත්වය මීට වෙනස් බව අපට පෙනේ. පොලීසිය පසුගියදා අධිකරනයෙන් අම්බානකට අහගත් බව අපි දනිමු. ඒ පරීක්ෂන වෙන දිසාවකට යොමු කීරිමේ අදහසින් කෙරෙන අත් අඩංගුවට ගැනීම් නිසාය. ඒ අතරම මහින්දත් අනෙක් ඇමතියෝත් තම නැණ පමනින් මත පල කරති. එහෙත් ඒ කිසිවෙකුටත් බටහිරයන් අල්ලා දීමේ උවමනාවක් නැති හැඩය.

ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි. සිල්වා ඇතුලු පිරිවර සිතනුයේ මෙරට වැසියන් මීහරක් කියාදැයි අපි නොදනිමු. සිල්වා සහ ඔහුගේ ගං කබරයින් රැලට පොඩි අභියෝගයක් කරන්නට අපට සිතේ. හැකිනම් ක්වොන්ටම්, ස්ට්‍රින්ග් තියරි හෝ වෙනත් ඕනැම සෙප්පඩ විජ්ජාවක් උපයෝගී කරගෙන, නිකම් දෙකයි පනහෙ තියරී නොදා, බටහිරයන් මේ අපරාධ වලට වග කිවයුතු බව පෙන්විය හැකිද??
මකබාස්http://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com9