Friday 23 January 2009

නලින් ද සිල්වා, සිරස සහ string theory

නලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.

සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත් නොයෙකුත් දෙපාර්තුමේන්තු යොදවා බටහිරයන් සහ උන්ගෙ ඒජන්තයින් මෙම අපරාධ වලට වග කිවයුතු බව මැනවින් ඔප්පු කිරීම කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩක් විය යුතුය. ආන්ඩුවට තරම් වෙනත් කිසිවෙකුටත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය සම්පත් නැත. බටහිරයන්ගේ ඒජන්තයින් සිරගෙරට යවා එමගින් ආන්ඩුවට තම නම පිරිසුදු කරගැනීමටද හැකිවේ. මේ අප කාහටත් පෙනෙන තර්කානුකුල යතාර්තයයි. නමුත් සැබෑ තත්වය මීට වෙනස් බව අපට පෙනේ. පොලීසිය පසුගියදා අධිකරනයෙන් අම්බානකට අහගත් බව අපි දනිමු. ඒ පරීක්ෂන වෙන දිසාවකට යොමු කීරිමේ අදහසින් කෙරෙන අත් අඩංගුවට ගැනීම් නිසාය. ඒ අතරම මහින්දත් අනෙක් ඇමතියෝත් තම නැණ පමනින් මත පල කරති. එහෙත් ඒ කිසිවෙකුටත් බටහිරයන් අල්ලා දීමේ උවමනාවක් නැති හැඩය.

ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි. සිල්වා ඇතුලු පිරිවර සිතනුයේ මෙරට වැසියන් මීහරක් කියාදැයි අපි නොදනිමු. සිල්වා සහ ඔහුගේ ගං කබරයින් රැලට පොඩි අභියෝගයක් කරන්නට අපට සිතේ. හැකිනම් ක්වොන්ටම්, ස්ට්‍රින්ග් තියරි හෝ වෙනත් ඕනැම සෙප්පඩ විජ්ජාවක් උපයෝගී කරගෙන, නිකම් දෙකයි පනහෙ තියරී නොදා, බටහිරයන් මේ අපරාධ වලට වග කිවයුතු බව පෙන්විය හැකිද??

9 comments:

  1. මහාචාර්ය සිල්වා උන්නැහැගේ කතාව ඇත්තය. අධිකරණයේ කතාවත් ඇත්තය පොලිසිය හදන්නේ වැඩේ කොරපු බටහිරයන් ඇල්ලීම අමතක කර යූ. ඇම්. පී කාරයන් පස්සේ යාමය. බටහිරයෙක් අල්ලා 2 ක් ඇනලා කූඩුවට දැම්මා නම් අයේ උන් ලංකාව පැත්තවත් නොබලනු ඇත. ඔබාමා උන්නැහෑ රෑට නිදගන්නෙත් නැතුව කල්පනා කොරන්නේ මේ පින්බිමට ගේමක් දෙන හැටිය. අනේ පව්..!! අනේ මේ අමන අනුකාරක හැත්තට මේක තේරෙන්නේ නෑනේ.

    ප.ලි. - අපේ ළමයි බටහිර රටවල පදිංචි වී ඇත්තේ ප්‍රවාද නිර්මාණය කිරීමටය එමනිසා ඒවා ගැන ප්‍රශ්න කිරීම අණුකාරක අඳබාලයන්ට තහනම්ය

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඕහෝ !! මගේ බ්ලොක් සයිට් ඇඩෝනයට තවත් අඩවියක් එකතු වෙන්නයි යන්නේ

    ReplyDelete
  4. @Anonymous
    Me too
    that addon is very useful

    ReplyDelete
  5. ane me palayan hu**nno yanna!!!

    ReplyDelete
  6. well written.A constructive example of political criticism using sarcasm as the core expression.

    ReplyDelete