Saturday 31 January 2009

තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "බයි" ප්‍රොඩක්ට්ස් හෙවත් හැල ගෙම්බෝ.

තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට අමුතු තැනක් නොවේ. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .) මහාචාර්ය නලින් ට අනුව මෙම විශ්ව විද්‍යාලයත් ඇතුලුව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල විසින් බිහිකර ඇති අති බහුතරය අනුකාරකයෝය. නලින්ට අනුව දැන් ලෝකය පුරා ඉගැන්වෙන අයි. ටී ද මහා කෙප්පරයකි. නලින් දෙවියන් වහන්සේ නොවන නිසාත් නලින්ගේ සෑම අදහසක්ම කිසිවක් නොවිමසාම හිස් මුදුනින් පිලිගනීමේ අවශ්‍යතාවයක් නැති නිසාත් ඔහුගෙ බොහෝ කියුම් සමග අපට එකඟ විය නොහැක. ඒ කෙසේවෙතත් මේ අනුකාරකයින් පිලිබඳ තියරිය ගැන නම් අපට ඇත්තේ කුකුස මුසු උනන්දුවකි. ඒ අන් කිසිවක් නිසා නොව නදීක ගුරුගේ ගේ "සිංදුවක්" යැයි කියන යමක් විවේචනය කිරීමෙන් පසු අපට ලැබුනු ප්‍රතිචාර ඔස්සේ ඒ ඒ අයගෙ බ්ලොග් වලට එබීමට අපටද අවස්තාවක් ලැබීම හේතුවෙනි. ඊට අමතරව එක්තරා බ්ලොග් එකක නදීක සම්බන්ද වු ප්‍රසංගයක් අරබයා කල විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය. " කවුද කවුද නදීකට බැන්නෙ" වැනි අවර ගනයේ සරම් කැසපට ගසා ගත් ගොබ්බයන් සිහිගන්වන තුට්ටු දෙකේ ගොං පාට්ය. පෞර්ෂය (personality) සහ අනන්‍යතාවය (identity) වෙන්කර ගත නොහැකි ගං කබරයන්ය. අපි නදීක ඔලුවෙන් සිටුවා හම ගසා පෙන්වු විට මේ නදීක වෙනුවෙන් සටනට ආ වීරයින්ට හරි හමං උත්තරයක් වත් ලියාගත නොහැකිවිය!! අපගේ ලිපියට ප්‍රතිචාර වශයෙන්ද ලියා තිබුනේ "අනේ ඒක හරිම හොඳ සින්දුවක්" වැනි ලාමක ප්‍රතිචාරය.

සිරිතක් වශයෙන් සිරසට බැන වදින මුංගේ සිංහල බ්ලොග් ලියැවෙන්නේත් සිරසේ භාෂාවෙනි. නිර්ණාමික ප්‍රතිචාර තහනම් කර ඇත්තේ එවැනි ප්‍රතිචාර කරනවුන් නපුංසක, කොන්ද පන නැති එවුන් නිසාය. නදීක පිලිබඳ විවේචනය සම්බන්දයෙන් මේ කොන්ද පන ඇති එවුං නිහඬය.

මේවායේ ඇති දෑ සමහර මජර ටෙලිනාටක වලවත් දකින්නට නොලැබෙන "මැජික්" බව අපට කල් නොයාම පසක් විය. එකෙක් ඔහුගෙ ජංගම දුරකතනය අහවල් වර්ගයේ බව අප හැමට කියා දෙයි. තවෙකෙක් කියන්නේ අම්මගේ සිල්ලර කඩයෙන් ඉන්ටර්නෙට් ප'සනැලිටි අඩු මුදලට ගෙන නිර්ණාමික කමෙන්ට් දැමීමෙන් වලකින ආකාරයයි. සමහරෙක් තමන් දන්සැල්, තොරං මඩු ආදියේ කෙල පැමිනියෙක් බව කියා දෙන්නේ හමුදාව අල්ලාගන්නා හැම නගරයක් පාසාම ප්‍රසාද තුති පිදීමෙනි. මේ හැම එකෙක්ම තම මුනත්තහඩුවත් පැටිකිරියත් තොරොම්බල් කරමින් "මම අහවල් වසරේ **** එකේ" යනුවෙන් පවසන්නේ හුදී ජන පහන් සංවේගය පිනිසම මිස තම මමායනය පුම්බා ගැනීමට නම් නොවේ. එකෙක් නම් එනපොට හරිනැති බව පසක් කරගත් නිසාදෝ, උගේ මුනත්තහඩුවත්, පට්ටන්දරයත් බ්ලොග් එකෙන් ගලවා දැමීය.

මේ කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන ශිෂ්‍යන්ගේ කෙරුවාවයි.
ලාංකීය දේශපාලනය, මාධ්‍ය නිදහස හෝ නවක වදය ගැනවත් අලුත් යමක් ලියන්නට, තම මතය ප්‍රකාශ කරන්නට එක්කෝ මුං බයයි, එසේත් නැත්නම් එවැනි මතයක් මුංට නැත. අප කොතරම් අකැමැති වුවත් නලින් කියන අනුකාරකයන් පිලිබඳ තියරිය නිවැරදිද??
මේ ගං කබරයන්ගේ, හැල ගෙම්බන්ගේත් බ්ලොග් දකින විට අප සියොලඟ ලැජ්ජාවෙන් වෙවුලා යයි.
මේ මඩ ගැසීමක් නොව ධනාත්මක සංවාදයකට කෙරෙන අභියෝගයක් වෙයි.

21 comments:

  1. ආහ් ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එළියට...

    කවුරුවත් තාම බ්ලොග් එකට සප් එකක් නෑ නේද?

    කමක් නෑ.. මේ වගේ එකක් ලියලවත් බලපන් කියලා කිව්වද කවුරු හරි ... හික්

    එළ එළ... ඔහොම යන්

    ReplyDelete
  2. ඇයි UCSC මැකුවේ? චාටර් වගේද? ඇයි .. හික්.. එලිපිට බනින්න බයද?

    "මේ ගං කබරයන්ගේ, හැල ගෙම්බන්ගේත් බ්ලොග් දකින විට අප සියොලඟ ලැජ්ජාවෙන් වෙවුලා යයි"

    ReplyDelete
  3. "ලාංකීය දේශපාලනය, මාධ්‍ය නිදහස හෝ නවක වදය ගැනවත් අලුත් යමක් ලියන්නට, තම මතය ප්‍රකාශ කරන්නට එක්කෝ මුං බයයි"

    අනේ බය නැති පැන්ඩා

    ReplyDelete
  4. "ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක"

    ආ මචන් දැන්නේ අදුන ගත්තේ!!!!

    අර කැන්ටිමේ ඉන්නේ උඹද? කෝ මගේ රුපියල් පහ? උඹ නේද කවුන්ටරේ පිටිපස්සේ ඉන්නේ?

    ReplyDelete
  5. "ගොබ්බයන්"
    "ගං කබරයන්ගේ"
    "හැල ගෙම්බන්ගේ"

    "මේ මඩ ගැසීමක් නොව ධනාත්මක සංවාදයකට කෙරෙන අභියෝගයක් වෙයි."

    ආ එළ එළ.. ධනාත්මක නේද??? ඉන්න මමත් එන්නම්...

    ReplyDelete
  6. මකබාස්,

    බ්ලොග් එකක් යනු එය ලියන්නාගේ අයිතියක්. ඔහුට කැමති දෙයක් එහි ලිවිය හැකියි. ඒ වගේම ඒවාට දක්වන ප්‍රතිචාර එම ප්‍රතිචාර දක්වන අයගේ අයිතියක්.

    නදීක පිලිබඳ ඔබේ ලිපියට ඇතැමුන් දක්වා තිබූ 'අසභ්‍ය' ප්‍රතිචාර මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට මෙසේ සාහසික වේෂයෙන් ගැරහීමෙන් ඔබත් කරන්නේ වැරදි වැඩක්.
    ඔබේ ලිපිවලට අන් අය දක්වන ප්‍රතිවාර වලට ඔබ එකඟ නොවේ නම් කරුණාකර සභ්‍ය ලෙස ඒවාට පිලිතුරු සපයන්න. මෙවැනි මඩ ගැසීම් මුලු මහත් බ්ලොග්කරණයටම නින්දාවක්.

    ඔබ මෙසේ ලියා තිබෙනවා "...විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය."
    බලන්න, ඔබේ ලිපියේ ඇත්තේ ද එබඳු හිස් වචන නොවේද?

    කරුණාකර මදක් සිතා බලන්න. (මෙය ඔබ පිලිගනී යයි මම නොසිතමි. ඒත් කම් නැත)

    ReplyDelete
  7. බ්ලොග් වල අමුතු අමුතු සත්තු තමා ඉන්නේ. එච්චර ගණන් ගන්න එපා. කුණුහරුපත් ලියයි. ඒවටත් සැලෙන්න එපා. ඕවා මහින්ද චින්තනයේ අතුරුඵල කියලා හිතාගෙන ඉදිරියට යමු.

    නිර්නාමිකයන්ටත් ඉන්න දෙන්න. පවුනේ. උන්ටත් ජොලියක් එපායැ.

    මන්දගාමී සිංහල බ්ලොග්ස්පියරටය ජවයක් ලබාදීම ගැන ස්තූතියි.

    ReplyDelete
  8. සාගර මහත්තයෝ,
    මේ වගේ කැත ලිපි ලිවීමෙන් මන්දගාමී සිංහල බ්ලොග්ස්පියරයට ජවයක් ලැබෙයි කියලා ඔහේ හිතනවනං... . . . ඔහේට වැරදිලා මහත්තයෝ.

    මේ වගේ අමන වැඩ නිසා සිංහල බ්ලොග් කලාව යකාට යාවි.

    අනේ සාගර මහත්තයෝ, මං කියඤ්ඤං වැඩක්, දන්නෙ නැති දේවල් වලට කට නොදා වැඩක් බලාගනිමුකො.

    ReplyDelete
  9. මට නම් හිතෙන්නෙ මකබාස්ට කව්ද විශ්වවිද්‍යාල විරෝධී එකෙක් පශ්චාත් භාගයෙන් ටැබ්ලට් එකක් ඇතුළු කරල තියනව. බේත් බොහොම සැරට වැඩ කරනව වගේ.

    අනේ පව් දුකේ බෑ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. "මේ හැම එකෙක්ම තම මුනත්තහඩුවත් පැටිකිරියත් තොරොම්බල් කරමින් "මම අහවල් වසරේ **** එකේ" යනුවෙන් පවසන්නේ හුදී ජන පහන් සංවේගය පිනිසම මිස තම මමායනය පුම්බා ගැනීමට නම් නොවේ."

    මකබාස්ට දාගන්න වසරක් නැති උනාට. උන් මොනව කරන්නද?ආ කමක් නෑ ඉස්කොලෙ අහවල් වසරට වෙනකන් ගියා කියලවත් දාන්නකෝ.ඉස්කෝලෙවත් ගිහින් තියනවද දන්නෙ නෑ.profile එකේ විස්තර මුකුත් දාලා නැත්තේ උඹට කියන්න තරම් දෙයක් නැති නිසානෙ. අනන්‍යතාවය එලි කරන්න බය නිසානෙ.

    ReplyDelete
  12. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .)

    ඇත්තටම හමු වෙන්න පුළුවන්ද? මමත් මේ දවස් වල නිතර භෞතික විද්‍යා අංශය පැත්තේ යනවා. කැමතියි ඔබතුමාව අඳුනගන්ට.

    ReplyDelete
  13. හොඳටම කේන්ති ගිහින් වගේ!

    ReplyDelete
  14. ධනාත්මක සංවාදයක් කරන්න පුලුවන් blog එකක් ලියපන් මුලින්ම , මෙතන ධනාත්මක සංවාදයක් නෑ මඩ ගැහිල්ලක් විතරයි තියෙන්නේ.
    එහෙමත් නැත්තම් නලින්ද සිල්වා ගැනද? නදීක ගුරුගේ ගැනද?කොලඹ විශ්ව විද්‍යාලය ගැනද? නැතහොත් එහි සිසුන්ගේ blog ගැනද?ඔබට සංවාදය ඔනේ වෙලා තියෙන්නේ.
    මට දැනුන එකම දෙයනමි "ඇරඹුමම කදුලක් වෙලා" වැනි හැගීමකි.

    ReplyDelete
  15. මේ සාගර මහත්තයා:
    බුවා, මම දැන් ඔහෙගෙ කොන්තරත් එකට අනුව ඇනොනිමස් කොමෙන්ට් පණහක් විතර බ්ලොග් වල දාලා තියෙනවා. කෝ ඔය මට පොරොන්දු වෙච්ච විදියට ගාණ බේරුවෙ නැතිනම් මූණ සම්බල් කරණව දොරේ.. දන්නවනේ මේ පච්ච සිරා ගැන. මතකයි නෙ ඇනොනිමස් කොමෙන්ට් එකකට රුපියල් 80යි.. නිකන් බාල වැඩ කරන්න එපා දොරේ.. අපි වනාතෙ අහිංසක මිනිස්සු.

    මගේ කොල්ලො ටික දැන් මෙතනම ඇනොනිමස් කොමෙන්ට් 3ක් විතර දැම්ම.. පොරොන්දු ගාන දීපන් .. නැත්නම් අපි ඔක්කොම එළියට දානවා.

    ReplyDelete
  16. මම කෑවේ පැත්තක යන කරවලකෑල්ලක් යන හැගීම ඇති වුන නිසා මගේ කමෙන්ටි එක මකා දමන ලදි.
    (ඊයේ බ්ලොග් සටහන කියවනකොට හිටියේ වැරදි මානසික මට්ටමකය.නමුත් මිනිසුන්ට දරැණු ලෙස අපහාසනොකරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.)

    ReplyDelete
  17. තුම්මුල්ල බයියා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට ගොබ්බ තැනකි.

    thank U we agreee

    ReplyDelete
  18. තුම්මුල්ල බයියා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට ගොබ්බ තැනකි.

    thank U we agreee

    ReplyDelete
  19. අනේ... මේ වගේ ගොන් හරක්... ඔය තමුන් ට්යිප් කරන සිංහල අකුරු යුනිකෝඩ් හැදුවෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයොන් ම තමයි.. 'හරකා' කියල බ්ලොග් එකේ නමට දාපන්... මේක නම් පිරිමියෙක් ගෙ බ්ලොග් එකක් නෙවෙයි වගේ... මොකද මේ තියෙන ඔක්කොම පෝස්ට්ස් වල තියෙන්නෙ ඕපදූප සහ ගොන් කතා.....

    ReplyDelete
  20. බ්ලොග් එක තමන්ගේ පෞද්ගලික තරහා මරහා පිට කරගන්න තැනක් කරගන්න එපා..

    ReplyDelete