Tuesday, 17 March 2009
අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්‍රකාශනයේ නිදහස
මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....
ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..
මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.
අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්‍රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....
මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...
අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...
මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...
දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...
කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...
අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්‍රකාශනයට බාදාවක් කියල..
ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..
අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..
මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..
අම්බලං කොන්ඩයා: අදහස් ප්‍රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..
මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..
All characters appearing in this work are fictitious. Any resemblance to real persons, living or dead, is purely coincidental.
Subscribe to:
Post Comments (Atom)
මකයෝ, එළ මචං. හිනා වෙලා බඩත් කොර උනා.
ReplyDeleteවිස්ස විජ්ජාලෙ උන්ටම මේ බාසාව තේරෙන්නෙ. ඒක ඇතුලෙදි පාවිච්චි කරන නම් ටික දාලා ලිව්ව නේ
ReplyDelete:)
ReplyDeleteඅනේ පුතේ අපිට උඹව පුද්ගලික විශ්ව විද්යාලෙකට යවන්න සල්ලි තිබ්බෙ නෑ.ඒත් උඹට තියෙන අයිතිය මොකක්ද ඒවට විරුද්ධ වෙන්න.උඹේ පශ්චාත් භාගය පරිස්සම් කරගෙන හිටපන්.පුද්ගලික විශ්ව විද්යාල ගැන කියවන් නැතුව.
ReplyDeleteකාට හරි මඩක් ගහලා blog එක ගොඩ දාගන්න හිතිලා වගේ මඩෙ ලගින උරා .
ReplyDeleteකවුරු මොනවා කිව්වත් මේ බ්ලොග් එකට සින්ඩියෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉතාම පැහැදිළියි එය මෑත කාලයේ බිහිවූ ජනප්‍රියතම බ්ලොග් සටහනක් බව. අනෙක් අතට ඒ කියන්නේ අර රීඩ් මාවතේ කල්ලියේ ආධිපත්‍යය තව දුරටත් නොඉවසනා විශාල පිරිසක් සිටින බව පැහැදිළියි. මකබාස්ගේ භාෂාව කොයි තරම් රළු වුනත් බ්ලොග් සටහනට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබීමෙන්ම එය පැහැදිළි වෙනවා. මේක අදාළ කල්ලිය තේරුම් ගත යුතු යැයි මා සිතනවා. සංසදයක් අටවාගෙන අනුන්ගේ අදහස් පාලනය කිරීමට ඔවුන් ඍජුව හා වක්‍රව ගන්න උත්සාහයන් නතර කරන්නට කාලයයි මේ.
ReplyDeleteThe Observer වෙත,
ReplyDeleteඔබ රීඩ් මාවතේ කල්ලිය යනුවෙන් හඳුන්වන පිරිස ආධිපත්‍යයක් තියාගෙන සිටිනවා යැයි කීම විහිළුවක්. එසේ ආධිපත්‍යයක් තිබෙනවානම් එම කල්ලියට මඩ ගසන මෙම බ්ලොග් එක එම සංසදයෙන් ඉවත් කරලා බොහෝකල්. එය ඔබේ හීනමානය නිසා ඇතිවෙච්ච සිතුවිල්ලක්. තැන තැන කල්ලි වශයෙන් පෙනෙන්නේ මොකක් හරි හිතේ තිබෙන අඩුපාඩුවක් නිසාද? එසේනම් මින්පසු ගාලු පුර කල්ලිය, මාතර කල්ලිය, නුවර කල්ලිය යනුවෙනුත් කල්ලි පටන් ගමු.
හොඳ ප්‍රතිචාර යනුවෙන් ඔබ අදහස් කරන්නේ comment නම් මෙය හොඳ ප්‍රතිචාරයක් නොවන බව වෙනත් සටහන් කියවා දැනගත හැක. එසේ අදහස් කරන්නේ ඡන්ද ප්‍රමාණය නම් ඡන්ද දැමීමේ හැකියාව ගැනද ප්‍රශ්න කිරීමට හැක. එසේ ප්‍රශ්න කිරීමට මට උවමනාවක් නැහැ. මකබාස් මෙතරම් පරළ වී දඟළන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය comment delete කිරීමෙන් ඔහුත් කඩ කර තිබෙනවා. ඔබේ තර්කයට අනුව කොච්චර රළු වුනත් අදහස හොඳයි නම් එය ඉවත් කර දැමීමේ අවශ්‍යතාවයක් ඔනේ නෑනේ.
සමහරුන්ට සිතිවිලිද ස්වප්නමෝචනය වන බව අප කලිනුත් පෙන්නා දුන්නෙමු. තුට්ටු දෙකේ උගුඩුවන්ගේ ගොං කතා වලට ප්‍රතිචාර දැක්වීමට අප බැඳී නැති නමුත් එකක් කිව යුතුය. මෙහි ඔනෑම කෙනෙකුට අදහස් පල කිරීමට අප මුල සිටම අවස්තාව සපයා දුන්නෙමු. එහෙත් කොන්ද පන නැති, එතික්ස් ගැන හාංකවිසියක් නොදන්නා උගුඩුවන්, උන්ගේ සත පනහේ බ්ලොග් වලට ලින්ක් දමා මෙහි ඇඩ්ව'ටයිසින් කිරීමට යාමෙන් පසු අපට කමෙන්ට් මොඩරේට් කිරීමට සිදුවිය. කිසිදු හිරිකිතයකින් තොරව අප ඒ ලින්ක් මකා දැම්මෙමු. විවේචනයට , මතවාදීමය context එකක හැප්පෙන්නට අපි නම් බිය නොවෙමු. එහෙත් මර්සියට හිස නවන්නට අප සූදනම් නැත.
ReplyDeletehehe
ReplyDeleteniyameta deela thiyanawa.ohoma yan ohoma yan
මකබාස් වෙත,
ReplyDeleteමගේ එක් සටහනක අන්තර්ජාල නිදහස ගැන සඳහන් කරමින් තොවිල් නැටූ ඔබ දැන් කුමක් හෝ හේතුවක් සොයාගෙන comment moderate කිරීමට නිදහසට කාරණාවක් ලෙස එය යොදා ගනිමින් සිටියි. අපේ බ්ලොග් වල ලින්ක් මෙතන දැමීමට තරම් විකාර අදහස් අපට නැත. ඔබගේ කලින් හැසිරීම් අනුව ඒවා ඔබම දමා ගත් ඒවාම වීමට ඕනෑවටත් වඩා ඉඩ ඇත. ඔබේ නමින්ද සමහර විට අප ලෙස පෙනෙන නම් වලින්ද comment මෙම සටහන් වල ඕනෑ තරම් වැටී ඇත. එම comment ද කවුරු කුමන ආකාරයෙන් දැමූ ඒවාදැයි අප දන්නේ නැත. නමුත් මෙම comment moderate කිරීමත් ඔබගේ එක්තරා විහිළුවක් බව පෙනී යයි. අපට සිතෙන හැටියට ඔබ ඒ සඳහා යොදාගන්නා හේතූ ඔබම සාදාගත් ඒවා විය හැක. මෙය ස්වප්න මෝචනය වූ සිතුවිල්ලක් ලෙස ඉවත දැමීමට ඔබට හැක. ඒත් එම මෝඩ විවේචනයම යොදා නොගනිමින් කියා ඇති කරුණු කාරණා සලකා බැලීමට තරම් විනීතභාවයක් යොදාගන්න.
කෙළින්ම නොවෙතත් මේ රීඩ් මාවතේ මාෆියාව (ඉන් බාහිර අරවින්ද, කෘෂිකර්ම උපදේශක නුවන්, නාමල් උඩලමත්ත වැනි සගයන් කිහිප දෙනකුගේද සහාය ඇතිව) බ්ලොගවකාශයේ නිදහස් අදහස් පාලනයට වක්‍රව අත පොවයි. සිරසට ගැහීම එක උදාහරණයකි. මොවුන් සියල්ලන්ම සිරසට විරුද්ධය. සති කිහිපයකට සැරයක් මොවුන්ගෙන් කෙනකු සිරසට එරෙහි පරණ වැල් වටාරම්ම ඇද ගන්නා අතර අනෙක් හු එක පිට එක කමෙන්ට්ස් දැමීමෙන් සහාය වෙති. ඊට විරුද්ධව ලියන්නෝ කිච කරති. රැග් එක ගැනද එසේමය. මොවුන් හැම දෙනාගේම Blogroll වල ඇත්තේ මාෆියාවේ අනෙක් සගයන්ගේ බ්ලොග් පමණි. (කට් ඇන්ඩ් පේස්ට් නාමල් උඩලමත්තද ඇතුළුව ) ඊට අයත් නැති මකබාස්ලාට, බින්කුලාට, මකරුන්ට, Beyond Frameලාට Tabo Subjectලාට එහි තැනක් නැත. මේ මාෆියාවක් ගොඩ නැඟීම නොවේ නම් කුමක්ද?
ReplyDeleteඅපේ සටහනට වැටෙන ක්මෙන්ට්ස් ගැන සමහරුන්ට ලොකු කැසිල්ලක් තිබේ.. තමන්ගේම සටහනක, තම කොලිජියට සහ කොළඹට එරෙහි කල්ලිවාදයක් ඇතැයි කියමින් හොටු හුර හුරා නාහෙන් ඇඬු බබාලා, එක් රැයෙන් ඒ සියල්ලට එරෙහිව ලියන විට, මාතෘකාව විය යුත්තේ "මට එරෙහිව මම" දැයි අපි නොදනිමු ;) . මේ පිය සෙනෙහස නැතිකමින් ඇතිවන මානසික රෝගයක්ද, උපන්ගෙයි හැටියක්ද, ඒ දෙකමදැයි දන්නේ ඒ ඒ ජෝකර්ලාය. මේ බ්ලොග් එකේ අප කරන දේ සම්බන්දයෙන් කිසිවෙකුටත් නිදහසට කාරනා ඉදිරිපත් කරන්නට අපේ සූදනමක් නැත. ප්‍රකාශනයේ නිදහස පිලිබඳ අපේ ස්තාවරය අපි ක්‍රියාවෙන් ම පෙන්වා ඇත්තෙමු.
ReplyDeleteහා හා.."මට එරෙහිව මම" :)
ReplyDeleteමමත් දැක්කා ඔය කියන නාහෙන් අඬපු සටහන.
මකබාසෝ අන්න, සංසදයෙ ගුගල් සමූහයෙ ත්‍රෙඩ්ස් වලට යන්න බෑ ඊයෙ ඉදල ලොග් වෙන්නෙ නැතුව..:)
මෙන්න මේකාගේ මූලාශ්‍ර. මූ නිකම්ම නෙවෙයි ලියල තියෙන්නේ...යකෝ තොට වෙන වැඩ නැද්ද?
ReplyDeletehttp://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/038619bb4f22f00f#
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/9884618ccb70f059#
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/0b57793e50863fdf#
මේ කවුරු දාපු ලින්ක්ද???
ReplyDeletehttp://makabaas.blogspot.com/2009/01/blog-post_31.html#comments
චමිල said...
my response
31 January 2009 08:21
ROFL
ReplyDeleteඑම ලින්ක් එක ඔබද මකපු බවක් නැත. ඔබගේ moderation පටන් ගත්තේ ඉන්පසුව ද නොවේ. ඉහත සඳහන් කර ඇති ලින්ක් එක මම මගේ නමින් දමා ඇත. එයට විරුද්ධත්වයක් තිබිණිනම් එතන ප්‍රකාශ කිරීමට ඕනෑ තරම් කල් තිබුනි. ප්‍රශ්නයට අදාල වන්නේ anonymous ලෙස මගේ බ්ලොග් එකට දමා ඇති ලින්ක් ටිකයි. ඒවා පිළිබඳ ඔබගේ විශේෂණ පද තොගය භාවිතා කිරීමෙන් ද වැළකෙන බව පෙනේ.
ReplyDeleteඔබ තවමත් moderate කිරීමට නිදහසට කාරණාවක් සොයාගෙන ඇත. එයට විරුද්ධ වූ විට යොදා ගන්නා විශේෂණ පද වලින් සමහර විට අළුත්ම වචන ද සොයාගත හැක. මහලොකුවට නිදහස ගැන කතා කරන උදවිය ගේ කල් ක්‍රියාව මනින්න කවුරුවත් නැත. වෙනස විශේෂ නමුත් වෙනස් වූ පලියට ඔහුගේ ක්‍රියාවන් එලෙසම පිළිගැනීමට සැදීපැහැදී සිටීමට ද කස්ටිය ඇත.
කෙසේ නමුත් ඔබ තැන් තැන වල දමා ඇති comment වලින් ද පෙනී ගියේ වෙනසක් ඇති කිරීමේ කැක්කුමක් නොව කිසියම් ආකාරයකින් ඇතිවූ වෛරයකට පලිගැනීමක් ඇති බවයි. ඔබම එක් තැනක පවසා සිටිය පරිදි තවදුරටත් මෙතන ඔබට පිලිතුරු දීම "comment තීරුව බදු ගැනීමක්" වන අතර භාෂා අලංකරණය මත පමණක් පදනම් ව වෙනත් කිසිදු හරයක් නොමැති ඔබගේ විවාද අසා සිටිනවාට වඩා බාල ටෙලිනාට්‍යයක් රස විඳීමට යෑම වටනේය.
අනේ මචං!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි, පැය 24කට කලින් මේකේ ලින්ක් දාන්න තරම් විකාර නැත යනුවෙන් කියු ඔබම, දැන් එවැන්නක් කල බව පිලිගැනීම.
ප්‍රකාශනයේ නිදහස ගැන අපේ ස්තාවරය අපි ක්‍රියාවෙන් පෙන්නුම් කල තවත් එක් අවස්තාවක් පමනි ඔබ අනවසරයෙන් එක් කල ඒ ලින්ක් එක.
"මට එරෙහිව මම" ගැන මොකුත් කියන්නට බයද? ලැජ්ජ්ද??
ඔබේ බ්ලොග් එකට Anonymous කමෙන්ට් දාන්නට තරම් අපට කැසිල්ලක් නැත. දානවානං හැංගිමුත්තන් කෙලින්නට අවශ්‍යද නැත.
කමෙන්ට් තීරුව බදු ගත්තට කමක් නැහැ, හිතේ හිරකරගෙන විඳවන්නේ අහවල් එකකටද??
වෛරය ඉරිසියාව ඔබේ favorite ( emotional) වචන නෙව. පොඩ්ඩක් EQ ටෙස්ට් කරගත්තොත් හොඳයි.
අනික තරු ගැන හිතල පශ්චාතාප වීමෙන් පලක් නැහැ. තරු දාපු අයට මැසිවිලි කීමෙනුත් වෙන්නේ ඔබේ Too-emotional මානසිකත්වය අන් අයට පෙන්වීම පමණයි.
this is really really funny. keep it up machan makabaas. :) the reid mafia....
ReplyDeletewell done
"ඔබේ බ්ලොග් එකට Anonymous කමෙන්ට් දාන්නට තරම් අපට කැසිල්ලක් නැත. දානවානං හැංගිමුත්තන් කෙලින්නට අවශ්‍යද නැත."
ReplyDeleteඋඹ නම් එළ විහිළු කාරයෙක් බං... තව ලියපං... :D
තරු ලැබීම තුළින් පැහැදිළියි සිංහල බ්ලොග් කියවන, මේ රීඩ් මාවත් මාෆියාවේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක් සිටින බව.
ReplyDeleteමේ කට්ටිය දැන්වත් ඉගෙන ගත්තොත් හොඳයි හැමෝම එක විදියට හිතන්නේ නැති වග.
අනේ චමිල හරකො, උඹ දන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කෑ ගහන්නයි, රැග් කරන්නයි විතරනෙ.කට වහ ගෙන හිටපන් ඕවට විරුද්ධ නො වී.උඹට මොකද්ද තියෙන පශ්චාත් භාගයේ අමාරුව ඕවට විරුද්ධ වෙන්න.උඹේ පිං විශ්ව විද්‍යාල උපාධිය කරන් උඹ හිටපන්.අනුන්ට ඊර්ෂ්‍යා නො කර.
ReplyDeleteMy Idea said...
ReplyDeleteතරු ලැබීම තුළින් පැහැදිළියි සිංහල බ්ලොග් කියවන, මේ රීඩ් මාවත් මාෆියාවේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක් සිටින බව.
ඇත්තෙන්ම ඔබට එහෙම හිතෙනවාද?
ඔබටත් ඕනෙද ඔබේ පෝස්ට් එකකට තරු ගොඩක් ගන්න? එහෙනම් මෙන්න ක්‍රමය,
1. සින්ඩියට ගොස් ඔබේම පෝස්ට් එකට ඡන්දය දෙන්න
2. ඔබේ බ්‍රවුසරයේ Coockies මකා දමන්න (එය කරන විදිය ගූග්ල් මගින් හොයාගන්න, දන්නෙ නැත්තම්)
3. බ්‍රවුසරය close කරන්න
4. ආපහු බ්‍රවුසරය ඕපන් කර සින්ඩියට ගොස් තවත් ඡන්දයක් දෙන්න
5. මෙම පියවර repeat කරමින් ඔබට ඇති තරම් තරු ගන්න
හොඳයි නේද? බලාගෙන ගියාම තරු හොඳ මිම්මක් තමයි.... :D
මකබාස්ලාට, බින්කුලාට, මකරුන්ට, Beyond Frameලාට Tabo Subject
ReplyDeleteමම අපහාස වලින් තොර බුද්ධිමත් සංවාදයක් ඔබෙන් අපේක්ෂා කරමි.. "මකබාස් "හට ලේඛන රීතියක් ඇති නිසා එසේ වූ රීතිය අනුනට මඩ ගැසීමෙන් කිලිටි කර නොගෙන පැහැදිලිව පෙන්වා දෙන්නේ නම් මැනවි... මෙයට පිලිතුර හිරිකිත මඩ පහරක් හෝ මගේ මඩ හෝදා නැවත මඩේ දැමීමක් නම් "මකබාස්" මගෙන් තවත් පිලිතුරු හෝ නුඹේ සටහන් වලට පිලිතුරු මගෙන් බලාපොරොත්තු නොවිය යුතුය... ඉහත නම් සඳහන් කර ඇති අය "මකබාස්" විසින් මෙයට ඈඳාගෙන ඇති බැවින් ඔවුන් විසින්ම මේ කලා කියන කාරිය ගැන අදහසක් පලකරන්නෙ නම් මම මනා කොට සලකමි... "මකබාස්" ගෙන් අවශ්ය වනුයේ පුද්ගලික මඩ හෝ ද්වේශසහගත සටහන් නොවේ... පැහැදිලි ලෙස හික්මීමෙකින් අදහස ඉදිරිපත් කිරීම මම අගයකොට සලකමි... නැවත මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට මා අදහස් නොකරන මුත්.. මා ඉගෙන ගනු ලබන සරසවියට අවමන් කිරීම හා එයට"පිං" ලෙස අනවර්ථයකින් නම් කිරීමද නිසි නොවන බව මාගේ හඟීමය... උසස්පෙල සමත්ව මෙහි පැමින "වාසනාව ලැබීම" "පිං" ලෙස සැලකීම අපෙ හැකියාවන් වලට කරන අසාධාරනයක් ලෙස මා දකිමි... අප මෙහි පැමිනියේ ලොතරැයි දිනුම් ඇදීමකින් නොව අපගේම හැකියවන් මතිනි... එසේ නම් සියලු නිදහස් අධ්‍යාපනය ලබන පාසල්ද "පිං පාසල්ය" මෙතෙක් මාගෙන් සිත් රිදවීමක් ඇතිවූවානම් සමාවන අතර... නැවත වරක් මෙසේ සටහනක් දමනුයේ නැවතවරක් මෙය කියවා නුඹ තේරුම් ගනු ඇතැයි සිතාය... මෙයට ද පිලිතුර විවේචනයක් හෝ වෙනත් පැතිකඩක් අහුලා කරන මඩ ගැසීමක් නම් මම මෙතනින් මෙම කතා බහට නැවතීමේ තිත තියමි... සපිරිස්ති...
හක් හක් හක් ඉදා මකයො මගෙනුත් තොත්තුවක්!
ReplyDeleteya ya yaaaaaa.....
මීට කලකට පෙර සින්ඩියට එකතු කර සංසදයේ සාමාජිකයන්ගේ බලවත් විරෝධය නිසාවෙන් ඉවත් කරන ලද කුණුහරුප බ්ලොගයක් පිළිබඳව හා ඒ ආශ්‍රිතව සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදයේ ගූගල් සමූහයේ ඇතිවූ සංවාදයක් මකබාස්ගේ උදහසට ලක්ව ඇති බව පෙනේ. ඒ සඳහා විරුද්ධ වූයේ මා, ඉන්ද්‍රනාම, ශාකුන්තල, සුදාරක පමණක් නොවන බව මකබාස් හා ඔහුගේ ගෝල කමෙන්ට්කරුවන්ට එක්කෝ අමතක කර ඇත එසේත් නැත්නම් උවමනාවෙන්ම අමතක වූවාසේ රඟපාති. ඒ අවස්තාවේ එම බ්ලොගය අයිතිකරු හැරෙන්නට එම බ්ලොගය ඉවත් කිරීමට විරෝධය දැක්වූ අය සිටියේද නැත. සංසදයේ සාමාජික අදහස් විමසීමෙන් පසුව තීරණය ගත්තේද සංසදගේ ඇඩ්මින්වරුන්වන අතර ඔබලා ඔය කියන රීඩ් මාවතේ කල්ලිය විසින් නොවේ. මකබාස්ට ඒ අවස්තාවේ පහළ නොවූ කැක්කුමක් දැන් කොහෙන්දෝ ඇවිත් තිබේ. ප්‍රකාශන නිදහස ගැන කතා කරන මකබාස්ගේ බ්ලොගයේ, සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදයේ සාමාජිකයන් විසින් ඔව්නගේ නමින්ම එකතු කරන ලද කමෙන්ට් අතුරුදන්ය( නම් වශයෙන් කිව හැකි උවද ඔව්න්ට සිදුවිය හැකි අපහසුතාවයන් ගැන සලකා නම් වශයෙන් සඳහන් නොකරමි) . දැන් comment moderation on කරගෙන තමාට අවශ්‍ය කමෙන්ට් පමණක් publish කිරීමට වගබලාගෙන ඇත.
ReplyDeleteමගේ බ්ලොග් එකේ තීම් එක මාරුකිරීමට පෙර මකබාස්ගෙන් අවසර ගැනීමට නොහැකි විය. ඒ ගැන සමාව ඉල්ලමි.
@පහන්
ReplyDelete"තම තම නැණ පමන" යනුවෙන්කියමනක් තිබේ.
ප්‍රහසනය - (comedy), උපහාසය පමණක් නොව ඒවාට ඉලක්කවන සෑබෑ කරුනු කාරනා/ හේතු පවා තේරුම් ගැනීමට නොහැකි බොල් වි.වි සිසුන් අප සරසවියේ අප අතර සිටිති.
සංවාද කිසිදිනෙක අපේ උදහසට ලක්ව නැත. සංවාද ඇතුලේ කියවෙන ප්‍රකාශන නිදහසට බාදා කරන ගොන් පාට් නං අපේ උපහාසයට ලක්වෙනු ඇති. කුනුහරුප බ්ලොග් තහනම් කිරීම ගැන නොව, අපිට ප්‍රශ්න ඇත්තේ ස්වයංවාරනයට උඩගෙඩි දෙන-හෙවත් අන්මත නො ඉවසන නිසා වැල්ලේ හිස සඟවා ගැනීමේ මාර්ග ප්‍රචලිත කරන පැස්බරුන් සමඟය. නීති රීති ගෙනැවිත් ප්‍රකාශන නිදහසට අනින්නට හදන බහුබූතයන් සම්ඟය...
පහන් , කනගාටුයි..ආයෙත් කියවා බලන්න...
"තම තම නැණ පමන"
@ මැටි පහන්,
ReplyDelete"ප්‍රකාශන නිදහස ගැන කතා කරන මකබාස්ගේ බ්ලොගයේ, සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදයේ සාමාජිකයන් විසින් ඔව්නගේ නමින්ම එකතු කරන ලද කමෙන්ට් අතුරුදන්ය( නම් වශයෙන් කිව හැකි උවද ඔව්න්ට සිදුවිය හැකි අපහසුතාවයන් ගැන සලකා නම් වශයෙන් සඳහන් නොකරමි) . දැන් comment moderation on කරගෙන තමාට අවශ්‍ය කමෙන්ට් පමණක් publish කිරීමට වගබලාගෙන ඇත."
ප්‍රකාශයට පත් නොකර ඇත්තේ එක් ක්මෙන්ට් එකක් පමණි. ඒ එහි ඇති අමු කුනුහරුප නිසාවෙනි. ඇනොනිමස් දැමු එහි අයිතිකරු ඔබද?? ;)
බළලා මල්ලෙන් එලියට.....
මේකට මගේ නමද කවුරුන් හෝ ඇදගෙන ඇති නිසා මා පිළිතුරු දිය යුතුය.
ReplyDeleteඒ කියන කතාව ඇත්තය. මගේ Taboo Subjects බ්ලොග් එක තවමත් කාගෙවත් Blog list එකට ඇතුළත් කර නැත. මා ඒ ගැන අමනාපයක්ද නැත. මගේ බොහොමයක් පෝස්ට් වලට තරු ලැබෙන්නේද නැත. ඒ නැතිවාට මට ජීවත් විය හැකිය. මා බ්ලොග් ලියන්නේ මිතුරන් සොයා ගැනීමට නොවේ.
'කුණුහරුප' යැයි වර්ගීකරණය කොට බ්ලොගයක් සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට කුඩා කොටසක් කටයුතු කිරීම සාධාරණ සේ මා දකින්නේ නැත. මතවාද කුමක් වුවද සින්ඩිකේටරයේ සැමට ඉඩ ලැබිය යුතුය. මගේ Taboo Subjects බ්ලොග් එක පවා මෙසේ 'කුණුහරුප' යැයි වර්ගීකරණය කොට ඉවත් කිරීමට මේ සුළු පිරිසට ඉඩ ඇත. ඔවුන් එසේ කරන්නේ නම් ඒ හිතුවක්කාර පියවරකි.
සිංහල බ්ලොග් අවකාශයේ සිටිය යුත්තේ යුද්ධය එකහෙළා අනුමත කරන, සිරසට නෙළන, පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකැමති, සරසවියකට ඇතුළු වීම මහා වීරකමක් සේ දකින පිරිසක් පමණක් නොවේ. මීට විරුද්ධ අදහස් ඇති අයටද බ්ලොගවකාශයේ ඉඩ ලැබිය යුතුය.
Taboo
මකබාසෝ,
ReplyDeleteඔය චමිල ද අල්විස් කියන මැට්ටා පිං විස්ව විද්‍යාලෙට ගිහින් උගේ මොළේ කචල් වෙලා තියෙන්නේ. උගේ හිතේ පුද්ගලික විශ්ව විද්‍යාල ආවාම
ඌ මහ ලොකුවට හිතාගෙන ඉන්නා UCSC ඩිග්‍රීයට තැනක් නැතිවෙයි කියලා. කොහොමටත් ඔය UCSC කොල්ලෝ SLIIT එකටත් පණ බයයි. අම්බලන් කොණ්ඩයායි මැටිපානයි නම් කොහොමටත් ළිං ගෙම්බොනේ. ගල්බනිස් ඇටිකිචි කොල්ලට ලව් පිස්සුව ගහලා. මේ දවස් වල ඌට ඒකෙ සිහියමයි. ඔක්කොම බ්ලොග් එකෙත් දානවා. තාම ට්‍රයි කරනවා විතරයි. තව ටික දවසකින් ප්‍රැක්ටිකල් කරලා ඒවත් බ්ලොග් එකේ දානකොට උගේ බ්ලොග් එක සින්ඩියෙන් ගලවන්න වෙනවා ඔක්කෝටම කලින් - වැඩිහිටියන්ට පමණක් නිසා.
මෙහෙමයි අනුන්ට බ්ලොග් ලියන්න උගන්වන එවුන්ගේ තත්වය.
wow 108 votes :)
ReplyDelete@මකබාසෝ,
ReplyDeleteඅර චමිල ද අල්විස් කියන උගුඩුව නම් නෑම නතර කරන්නේම නෑ. නියම රනිල් වික්‍රමසිංහ කෙනෙක්. උගෙ හිතේ තියෙන්නේ රෝයල් එකේ උනාම නාගැනීම ජන්මෙන්ම එන පුරුද්දක් කියලා. ඌ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නෙළන්න ගිහින් නම් නාගත්තා නාගැනිල්ලක් මදියි නොකියන්න. හරියට බකට් කළා වගේ තමයි. රැග කාපු එකෙකුත් නෙවෙයිලුනේ. ඔහොම වත් නාගෙන හැදෙයිද බලමු. මුගේ රෝයල් උණ තමා යවා ගන්න අමාරු. රනිල්ගේ උණේ වගේම තමයි.
සියළු දෙනා වෙතටයි,
ReplyDeleteමේ තේරුමක් නැති විවාදය වෙනුවෙන් තව බොහෝ දෙනකු වටිනා කාලය නාස්ති කරගන්නට මත්තෙන් සාරාංශ කළ පහත කරුණු කිහිපය කියනු කැමැත්තෙමි.
1. පුද්ගලික ව්‍යවසාය රටකට අත්‍යාවශ්‍ය දෙයකි. විශේෂයෙන් දියුණු කර්මාන්ත අංශයක් (Industrial Sector) නැති සේවා ආර්ථිකය පදනම් කොට ගත් ශ්‍රී ලංකාව වැනි රටකට පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භයෙන් ලද හැකි ප්‍රයෝජන විපුලය. එහි තර්කයක් නැත.
2. බොහෝ දෙනකු විරුද්ධ වී ඇති සෙයක් පෙනුනද ඇත්තටම පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරුද්ධව අදහස් පළකොට ඇත්තේ දැනට පිං විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන තිදෙනකු පමණකි. ඉන් රාමචන්ද්‍ර නැමැත්තාට කොමියුනිස්ට් ඇජෙන්ඩාවක් ඇත, මේ නිසා ඔහු කොහොමටත් පුද්ගලික ව්‍යවසායට විරුද්ධය. චමිල ද අල්විස් නැමැත්තාටද ඊට විරුද්ධ වීමට පුද්ගලික උවමනාවක් ඇත. දැනට බ්ලොගවකාශයේ හෙළි වී ඇති කරුණු අනුව මේ පුද්ගලයා UCSC වෙතින් තමා ලබන උපාධි සහතිකය ගැන හීන මානයකින් පෙළෙන්නේ එය SLIIT සහතිකයට බාල බව දන්නා නිසාය. මෙය රැකියා වෙළඳපළේදී ඔහුට විශාල ගැටළුවක් වෙයි. මේ නිසා තව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය යනු ඔහුගේ පෑරෙන තුවාල වලට හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් දැමීමකි.
3. මේ පුද්ගලයන් හා කළ විවාද වලදී ඔවුන්ගෙන් මා ඇසූ සරල ප්‍රශ්න වලට වත් උත්තර දී ගන්නට ඔවුන්ට නොහැකි විය. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇඹිලිපිටියට අළුතින් වන අසාධාරණය ඇසූ විට රාමචන්ද්‍ර වල්පල් කියා මඟහරියි. ඔහුට ඊට උත්තර නැත. සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම හෝ අද ඊටත් වඩා වැදගත් ඉන්ටර්නෙට් පිවිසුම පුද්ගලික අංශය මඟින් පලනය වනු ඔහු ඉවසන්නේ මන්දැයි ඇසූ විටද ඔහුට උත්තර නැත. ගිරවකු මෙන් මාක්ස්වාදය දොඩවනවා හැරෙන්නට මේ පුද්ගලයා කිසිම වැදගත් තර්කයක් ගෙනෙන්නේ නැත. (මින් අදහස් කරන්නේ චමිල ද අල්විස් හා කසුන් නැමැත්තන් වැදගත් තර්ක ගෙනෙන බව නොවේ.)
4. රාමචන්ද්‍ර නැමැත්තා තමන්ට උත්තර නැති වූ විට ලිංගික අපහාස කිරීමට පෙළඹේ. මේ වටිනා සිරිත ඔහු උගත්තේ මාක්ස්ගෙන්ද, ලෙනින්ගෙන්දැයි අපි නොදනිමු. චමිල ද අල්විස් නැමැත්තා ලිංගික අපහාස නොකළත් සත්තු වත්තේ ඉන්නා හැම සතාගේම නම්, තවත් නම් රාශියක් සමඟ තමන් හා මතවාදීව විරුද්ධ වන්නන් කෙරෙහි භාවිතා කරයි. මෙයම ඔවුන්ගේ අදහස් අතින් බංකොළොත් බවට උදාහරණය.
5. මේ අය පුන පුනා ගෙනෙන එකම තර්කය පුද්ගලික විශ්ව විද්‍යාල වල දුප්පතුන්ට ඉගෙන ගන්නට බැරි බවය. මෙය මහා සොයා ගැනීමක් නොවේ. අතේ සල්ලි නැත්නම් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙනීම තියා ආපන ශාලාවකින් බත් එකක් වත් දෙන්නේ නැත. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ඒ සඳහා ගෙවන්නට මුදල් ඇති අයටය. ඊට වත්කම් නැතියවුන්ට පිං විශ්ව විද්‍යාල තිබේ. ඒවා වහන්නටය කියා කවුරුත් කියන්නේ නැත.
6. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නේ දුප්පතුන් සඳහා නොවෙතත් ඒවායේ අධ්‍යාපනය දුප්පතුන්ට නොලැබී යතැයි බිය ඇති කරගත යුතු නොවේ. කොළඹ නීති විද්‍යාලය හැමදාම ඉගැන්නුවේ මුදලටය; UCSC මෙන් පිනට නොවේ. එහත් අද නීතිඥයන් වී ඉන්න හැම කෙනෙක්ම පොහොසත් පවුල් වලින් ආ ඇත්තෝ නොවෙති. මෙසේ වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලද ශිෂ්‍යත්ව, රැකියා කරන ගමන් ඉගෙනගැනීම, ඉගෙන පසු ගෙවීම වැනි ක්‍රම මඟින් ආර්ථිකව සවිමත් නැත්තන්ට ඕනෑ තරම් අවස්ථා සපයන නිසාය. මේවා පුද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම තම එකම අභිප්‍රාය කරගත් පෙර කී තිදෙනාගේ විෂය පථයට හසු නොවේ.
මේ නිසා ඉරිසියාව හා වෛරය පදනම් කරගෙන වාදයට එළඹ ඇති මේ තිදෙනා සමඟ වාදයට යාම අර්ථ විරහිතය. මේ ප්‍රතිගාමීන් අමතක කර අපි අපේ ඉදිරිගමන යමු.
මචං අරවින්ද කැම්පස් එකෙකුට උඹේ බඩුව ගොඩ ගියාවත්ද මෙච්චර තරහ ගිහින් ඉන්නෙ කැම්පස් එඋන් එක්ක..
ReplyDeleteපු.වි.වි. ගැන යනයන තැන කියමින් රජයේ වි.වි. වලට අපහාස කරමින් යන අරවින්දගේ අරමුණ පැහැදිලි නැත, ඒ කෙසේ වෙතත් මෙතන සංවාදය සංසදයේ ඒකාධිකාරය ගැනය,අදහස් ප්‍රකාශ කිරීමට උපාධි අවශ්‍ය නැත, බ්ලොග්කරුවන්ගේ අදහස් පාලනය කිරීමට උපාධිකාරයෝ අවශ්‍යද නැත.
ReplyDeleteඒක හින්දා මෙතන උඹ ආතල් ගන්න එන්න එපා,උඹලට ඕනෙ තර්ක කරලා උඹලගෙ මතය ඔප්පුකරගන්න විතරයි.එතනදි උඹල සුරතාන්තයට පත්වෙලා ඔක්කොම අමතක කරනව,තරහ පිරිමහන්න බ්ලොග් ලිව්වට කමක් නෑ අනිත් බ්ලොග් වල උඹෙ මාතෘකාව මාකට් කරන්න කමෙන්ට් නොදා හිටපන්...
පිටස්තරව සිට බලන මට පෙනෙන්නේ මේ මඩ ගසා ගන්නා සියල්ලෝම කැම්පස් කාරයන් බවත්, ගහ මරා ගැනීමටත් බෙලි කපා ගැනීමටත් නිකම් සිටීමත් නිසා (කු)ප්‍රසිද්ධ වී ඇති ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් (හා ආචාර්යවරුන්) ගැන ප්‍රතිරූපය තවදුරටත් බල්ලට දැමීමට මෙම සටහන්ද හේතු වන බවයි. මෙම මඩ ගසා ගැනීම් නවතා පර්යේෂණයක්, අධ්‍යයනයක් (හෝ වෙනත් වැදගත් වැඩක් කර) ලංකාවේ විශ්ව විද්‍යාල වලින් ජාතියට යමක් දායාද කිරීමට කාලය එළඹ ඇත.
ReplyDeleteජයවේවා....
මාත් නිදහස් අධ්‍යාපනය ලැබුවේ කැම්පස් එකකින්. පෙෘද්ගලික විශ්ව විධ්‍යාල ඕන ප්‍රමිතියකට...
ReplyDeleteඅපි යන කාළේ මේ වගේ ඔලුව අමාරු කාරයෝ හිටියේ නැ දැන්නම් ගොඩක් ඉන්නවා වගේ අවුරුදු 30 පැන්නම් තමන්ට තේරේයි මේ මොන බොලද වැඩක්ද කියලා අනේ අපේ තරුණයො