Monday 23 March 2009

සොයුරු පෙම

අන්වර්ත නාමයෙන්
සද්ද බද්දක් නැතිව
දකින හැම වැකියක්ම
පෙනෙන හැම අකුරක්ම
උකුසු ඇස් පිහිතුඩින්
සෙමින් පෙරලා බලන

මටසිලිටි වදන් වැල්
බාග කුනුහරුප වැකි
සිනාමල් වල ඔතා
කමෙන්ට් දමනා එවුනි

තොපි නොමැති වු දිනෙක
බ්ලොග් කතර හිඳ මොකට
හිතේ කහටක් නොමැති
මුවේ මදහස පමණි
ඇවිත් යන්නට වරෙන්
ආයෙමත් හෙට දිනෙක

8 comments:

  1. ඔන්න ආවා, උඹෙන් බැනුම් අහන්න.

    ReplyDelete
  2. මකබාසෝ, උඹේ කමෙන්ට්සුත් අපේ කමෙන්ට්සුත් හැර තවත් කමෙන්ට්ස් තිබේද?

    ReplyDelete
  3. මං ආසයි බාග කුනුහරුපෙන් බනින්න

    ReplyDelete
  4. ඇහ් ම(ප)කබාසෝ,
    උඹට කවි ලියඤ්ඤත් පුලුවංද?
    මං හිතුවෙ උඹට පුලුවං මඩ ගහඤ්ඤ විතරයි කියල නොවැ !
    ඕං බලාපල්ලකො ඉතිං මං කොච්චර වැරදිද කියල...

    ReplyDelete
  5. Sounds a bit hypocritical dont u think?

    ReplyDelete
  6. මකබාස්,
    නුඹ නුඹේ නමින් ලියූ කමෙන්ටුත්, නුඹම අන්වර්ථ නාම වලින් ලියාගත් කමෙන්ටුත් හැර වෙනත් කමෙන්ට් තිබේද?

    ReplyDelete
  7. ඇත්ත... අපි කාට හරි බලන්නනේ ලියන්නේ අඩුගානේ තරහටවත් බලනවා... සුහදතාවයෙන් වැඩේ කරනවනම්... සැහෙන සුන්දරයි... එල .... ඒත් මේ අපරදේ... මේක බලලා අදලව මොනාහරි කිව්වනම් හරි... නැත්නම් එන අය කවිය බලලා නිකම්ම එල කියලා යයි... කාටවත් මුකුත් ලියන්න නම් හිතෙන එකක් නෑ නේද... හොඳ පැත්තක් ගැන කතාකරලා... සටහන එල...

    ReplyDelete
  8. ආ එළ එළ! වැඩි වැඩියෙන් මඩ ලැබේවා! :)

    ReplyDelete